සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් අත්තනෝමතික ලෙස රජයේ හෙද විදුහල්වලින් පුහුණුව ලැබූ හෙදියන් 40 දෙනෙකු මාලබේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට අනියුක්ත කර ඇති බව වාර්තා වෙයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සමස්ථ ලංකා හෙද සංගමය මේ බව සඳහන් කරන අතර හෙද සිසුන්ට තමන් සේවය කිරීමට මනාප රෝහල් නම් කිරීමට ලබාදෙන රෝහල් නාමලේඛනය තුළ ද මාලබේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ නම ඇතුළත්ව තිබී නැති බවත් එම ක්‍රියාව මුළුමනින්ම අමාත්‍යවරයාගේ පෞද්ගලික උවමනාව මත සිදුකර ඇති බවත් එහි සඳහන්ව ඇත.
සමස්ථ ලංකා හෙද සංගමය වෙනුවෙන් එහි සංවිධායක ලේකම් එච්.එම.එස්.බී . මදිවත්තගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇති ආකාරයට අනුයුක්ත කිරීම සිදුකර ඇත්තේ හදිසි සේවා අවශ්‍යතා ලෙස සලකා තාවකාලිකවය. එහිදී ඔවුනට ජයවර්ධනපුර රෝහලේ හෙදියන්ට මෙන් සියළු පහසුකම් හා දීමනා ලබාදෙන බව පැවසුවද, මේ දක්වා ඔවුන්ට දෙසැම්බර් මස වැටුප හෝ ලබාදීමට බලධාරීන් කටයුතු කර නොමැති බවද නිවේදනයේ සඳහන්ව ඇත.
එසේම නවක හෙදියන්වන් වන ඔවුන්ව අධීක්‍ෂණය කිරීමට හා අනිකුත් ඉගැන්වීම් කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට වගකියන හෙද පරිපාලනයක් නෙවිල් ප්රනාන්දු රෝහල තුළ ස්ථාපීත කර නොමැති බවත් එම තත්ත්වය හමුවේ පෞද්ගලික අංශයේ සහ තාවකාලීක පදනමෙන් බඳවාගත් හෙදියන් පිරිසකගේ උවමනා එපාකම් මැද ඔවුන්ට කටයුතු කිරීමට සිදුවීම තුළ දැඞී මානසික පීඩනයකට ලක්ව ඇති බවද නිවේදනයේ සඳහන්ව ඇත.
තවද මෙම හෙදියන් දිගින් දිගටම ප‍්‍රීඩාවට පත්කරමින් නෙවිල් ප්රනාන්දු රෝහල තුළ තබාගැනීමට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග සඳහා එම හෙදියන්ගේ දෙමාපියන් සමඟ එකතුව කටයුතු කරන බවද සමස්ථ ලංකා හෙද සංගමය දැනුම්දී සිටියි.


