පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් දැනුවත් කිරීම ජනපති ප්‍රධානත්වයෙන්

පළාත් පාලන මැතිවරණයේ  අපේක්ෂකයින් දැනුවත් කිරීම ජනපති ප්‍රධානත්වයෙන්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරග කරන අපේක්ෂකයින් සමග හමුවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කි්‍රඩාංගණයේ පැවත්විණි.

අපේක්ෂකයින් ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරත් සදහන් කළේ දීර්ඝ කාලයක් පුරා රටට අවශ්‍යව පැවති පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට යන ගමනේ වැදගත් පියවර සනිටුහන් කෙරෙන්නේ මෙම පෙබරවාරි 10 වනදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය තුළින් බවයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ කටයුතු පිළිබදව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයින් දැනුවත් කිරීම වෙනුවෙන් මෙම හමුව කැදවා තිබුණි.

මෙහිදී සියලූම අපේක්ෂකයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති සුරකිමින් නීති ගරුක, පිරිසිදු පාලනයක් පළාත් පාලන ආයතන ව්‍යුහය තුළ ඇති කිරීම සදහා ප්‍රතිඥා දීම ද සිදු කෙරිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොට්ඨාස නියෝජිත පත්වීම් ලබාදීම යටතේ, පළාත් පාලන ආයතන 341ක් නියෝජනය වන පරිදි එක් සභාවකට එක් නියෝජිතයෙකු බැගින් පත්කිරීමට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය සංකේතවත් කිරීමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු අග්‍රාමත්‍ය දී.මූ ජයරත්න, නිමල් සිරිපාල ද සිල්වා,අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් ඇතුථ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් සහ මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂක අපේක්ෂාවන් අටදහසකට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )

{gallery}slfp-29{/gallery}

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න