එක්සත් ජනපදයේ විශේෂ ප්‍රතිලාභ සහිත වෙළද වරණය පිළිබද පොදු ක්‍රමය ( GSP) 2017 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන බවත් වර්ෂය සදහා කටයුතු කල් තැබීමට පෙර එක්සත් ජනපද කොංග්‍රසය මෙම GSP වැඩසටහන නැවත බලාත්මක නොකළ බවත් කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.
මෙම GSP වැඩසටහන අවසන් වීමේ ක්ෂණික බලපෑම වන්නේ ශ්‍රී ලංකාව හා මෙම වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලැබූ අනෙකුත් රටවලින් එක්සත් ජනපදයට ආනයනය කෙරෙන භාණ්ඩ 2018 ජනවාරි 01 වැනි දා සිට වරණීය නොවන තීරුබදුවලට යටත් වීමයි.
ශ්‍රී ලංකාවේ ඉහළම අපනයන වෙළද පොළ ලෙස කටයුතු කිරීමට ලැබීම ගැන ඇමෙරිකාව ආඩම්බර වන බවත්, ගෝලීය වාණිජ සිතියමට (Global Trade Atlas) අනුව 2016 වසරේදී ඇමෙරිකා ඇ.ඩො. බිිලියන 2.8 ක ශ්‍රී ලාංකේය භාණ්ඩ ආනයනය කර ඇති බවත් එම නිවේදනයන් පෙන්වා දෙයි.
මේ අතර, අදාළ සහනය දීර්ඝ නොකිරීමට හේතුවක් ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දක්වා නොමැත.
කෙසේ වෙතත් පසුගියදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත ජෙරුසලම සම්බන්ධයෙන් ඇමෙරිකාව ගෙනා යෝජනාවට ශ්‍රී ලංකාවද ඇතුළුව රටවල් 128ක් විරුද්ධව ඡන්දය භාවිත කළ අතර, මෙම ඡන්ද විමසීමට පෙර ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබුණේ මීට සහයෝගය ලබා නොදන රටවලට සිදු කෙරෙන ඇමෙරිකානු ආධාර කපා හැරෙනු ඇති බවයි.

Global Trade Atlas

