ලංකා දේශපාලනයට තීරණාත්මක බලපෑමක් සිදුකළ වෙබ් මාධ්‍යවේදීන් විසින්ම ඔවුන් සඳහා ආචාරධර්ම මාලාවක් ප්‍රකාශයට පත්කිරීම සතුටක් බවත් එසේම එය වැදගත් තීරණයක් වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
ජනාධිපතිවරයා මෙසේ සඳහන් කර සිටියේ අද (29) පැවති වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන් සඳහා වූ ආචාර ධර්ම මාලාවක් ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ පැවති අවස්ථාවට එක්වෙමින් ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා තමන් බලයට පැමිණ වසර තුනක් ගතවන තුරුත් මුණගැසීමට නොහැකිවීම පිළිබඳ කණගාටු වන බවත් ඉතාම නුදුරු දිනයකදී වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන් මුණගැසී ඔවුන්ගේ ගැටළු සහ යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීමට පොරොන්දු වන බවද පැවසීය.
මෙම අවස්ථාව සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සුදර්ශන ගුණවර්ධන ඇතුළු වෙබ් සහ අනෙක් මාධ්‍ය ප්‍රධානීන්, මාධ්‍යවේදීන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් සහභාගීව සිටියහ.
එහිදී පැමිණ සිටි පිරිස වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු ෆ්‍රෙඩි ගමගේ විසින් පිළිගත් අතර වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් කැළුම් ශිවන්ත ද සභාව ඇමතීය.
වෙබ් මාධ්‍යවේදීන් මුහුණපා සිටින ගැටළු මෙන්ම පසුගිය සමයේ රාජ්‍ය මර්දනයට නතුව පහරකෑම් දේපළ හානිවීම් වලට මෙන්ම ජීවිතයෙන් පවා වන්දිගෙවූ මාධ්‍යවේදීන් වෙත යුක්තිය ඉටුවීම පමාවී ඇති බව අවධාරණය කල අතර ඒ සඳහා කඩිනම් පියවර ගත යුතු බවද සඳහන් කර සිටියේය.
සාධනීය වෙබ් මාධ්‍ය කලාවක් වෙනුවෙන් හඳුන්වා දුන් ආචාරධර්ම මාලාව ඉදිරියේදී ප්‍රසිද්ධ කර ජනතා අදහස් ද ඊට එක්කිරීමට නියමිතව ඇති අතර අනතුරුව මාස 3ක් ඇතුළත අදාළ ආචාරධර්ම මාලාව වෙබ් මාධ්‍යවේදීන් වෙත නිල වශයෙන් ඉදිරිපත් කරන්නටද වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය තීරණය කර ඇත.
{gallery}web{/gallery}

