විමල් - ගැටුමක් : ඒකාබද්ධයේ සාමුහික ගිවිසුම කල්යයි !

විමල් - ගැටුමක් : ඒකාබද්ධයේ සාමුහික ගිවිසුම කල්යයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ සියළු පක්‍ෂ අතර සාමුහික ගිවිසුම අත්සන් කිරීම කල් දැමීමට සිදුව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙහෙයවන බැසිල් රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් අතර හටගෙන ඇති අභ්‍යන්තර අර්බුදයක් හේතුවෙන් බවට රාජ්‍ය බුද්ධි සේවා ජනාධිපතිවරයාට වාර්තා කර ඇතැයි පැවසේ.

එම වාර්තාවට අනුව, කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී එම ගිවිසුම අත්සන් කිරීමට කටයුතු යොදා තිබුන ද පසුව එය ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ 'කින්ස්බරි' හෝටලයේදී සිදු කිරීමට තීරණය කර තිබී ඇත.

මෙම අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා පසුගියදා ජාතික නිදහස් පෙරමුණ නායක විමල් විරවංශ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ගොස් ඇති අතර එහිදී දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇත.

එහි ගැටුම උත්සන්න වෙද්දී විමල් විරවංශ මහතා පිටව ගොස් ඇති අතර, මහින්ද රාජපක්ෂ මහතාගේ හිතවතුන් දුරකතය ඔස්සේ ඔහුව සම්බන්ධකර ගැනීමට දැක්වූ උත්සාහය අසාර්ථකව තිබේ.

ඒ අනුව පසුදා උදැසනම බැසිල් රාජපක්ෂ මහතා, දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීමට අවිස්සාවේල්ලට ගොස් ඇති නමුත් සාර්ථක ප්‍රතිපලයක් ලැබී නොමැත.

මෙම තත්වය යටතේ ගිවිසුම අත්සන් කිරීම පවාවෙමින් තිබේ.

කෙසේවුවද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා කියා සිටියේ, අදාළ ගිවිසුම අත්සන් කිරීම සඳහා සුදුසු කාලය එළැඹීමෙන් පසු සිදු කෙරෙන බවයි.

ඒ අනුව මේ වන විට එහි සියලු අනෙකුත් කටයුතු අවසන්ව ඇතැයිද ඔහු පැවසිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න