ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධුරය දැරීම හේතුවෙන් සිදුකළ යුතු මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය දේපළ යොදාගෙන ඇති බවත් එය මැතිවරණ නීති උල්ලංඝණය කිරීමත් බවත් දක්වමින් ස්වාධීන මැතිවරණ කොමිසම වෙත විද්‍යුත් තැපෑල හරහා පැමිණිල්ලක් සිදුකර ඇත.
ස්වාධීන ජනමාධ්‍යවේදී කුසල් පෙරේරා විසින් එම පැමිණිල්ල යොමුකර ඇති අතර එහි කාරනා තුනකදී ජනාධිපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලය මැතිවරණ නීතිය උල්ලංඝණය කර ඇති බව දක්වා තිබේ.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලය මැතිවරණ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් යොදා ගැනීම,
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව යොදාගැනීම සහ එම අවස්ථාව ජාතික රූපවාහිනිය හරහා සජීවීව විකාශය කිරීම යන කාරණාය.
අදාළ පැමිණිල්ල යොමුකරමින් මාධ්‍යවේදී කුසල් පෙරේරා සඳහන් කර සිටින්නේ,
යන කාරණා සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම වහා පියවර ගත යුතු බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
