ජනාධිපති ව්‍යවස්ථාව උල්ලංඝනය කළාද ? - එජාපය සොයා බලයි

ජනාධිපති ව්‍යවස්ථාව උල්ලංඝනය කළාද ? - එජාපය සොයා බලයි

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව විධායක ජනාධිපති ක්‍රමයේ බලතල කිසියම් මට්ටමකින් කප්පාදු කරමින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය සිදුකල ද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි ඇතැම් කරුණු නොසලකා කටයුතු කරන බවට එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් චෝදනා කරමින් සිටින බව 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

ජනාධිපතිවරයා මෑතක සිට අගමැතිවරයා ගෙන් කිසිඳු විමසීමකින් හෝ දැනුවත් කිරීමකින් තොරව රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම මෙම විවේචනයට හේතුවී තිබේ.

ජනාධිපතිවරයා විසින් ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයට පත්කර කිරීම අගමැතිවරයා හෝ විෂයබාර අමාත්‍යවරයා දැනුවත්ව නොසිටි බව පැවසේ.

එජාප ඇමතිවරුන් කිහිප දෙනෙකු මෙම කාරණය සම්බන්ධයෙන් ව්‍යවස්ථා විශේෂඥයින් පිරිසකගේ මතය විමසා ඇතැයි ද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න