ජනාධිපති සිරිසේන සහ එක්සත් ජාතික පෙරමුණ අතර අද (30) රාත්‍රී පැවති සාකච්ඡාව කිසිදු තීරණයක් නොමැතිව අවසන්වූ බව වාර්තා වෙයි.
එහි ඇතිව තිබෙන එක් එකගතාවයක් වන්නේ දෙපාර්ශවය අතර තවත් සාකච්ඡාවක් එලැඹෙන දෙසැම්බර් 03 වනදා පැවැත්වීමටය.
ඉතා පැහැදිලිව සිරිසේන ජනාධිපතිට රට පත්ව ඇති අරාජිකත්වය පිළිබඳ කිසිදු සංවේදිතාවක් නොමැති අතර තවදුරටත් ඔහු ඔක්තෝබර් 26 දියත් කළ ව්‍යවස්ථා විරෝධී මාවතේ ගමන් කරමින් සිටියි.

