මහරගම වැඩ ඇරඹේ : දිනේෂ්ගේ සම්බන්ධීකරණ ලේකම් භික්ෂුවකට පහර දෙයි!

මහරගම වැඩ ඇරඹේ : දිනේෂ්ගේ සම්බන්ධීකරණ ලේකම් භික්ෂුවකට පහර දෙයි!

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු වන මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍රන් විසින් මහරගම සුදර්ශණාරාම විහාරස්ථානයේ විහාරවාසී කොට්ටාවේ හේමාලෝක ස්වාමීන්වහන්සේට පහරදීමක් සිදුකර ඇතැයි වාර්තා වේ.

පහරදීමෙන් තුවාල ලැබූ ස්වාමීන්වහන්සේ මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාරලබන අතර පහරදුන් නාගරික මන්ත්‍රීවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දෙමළ ජාතිකයෙකු වන මෙම මන්ත්‍රීවරයා මහරගම නගර සභාවේ බයිසිකල් කණ්ඩායම ඉල්ලා අස්වූ පසු දිනේෂ් ගුණවර්ධන විසින් පත්කල පොදුජන පෙරමුණු (පොහොට්ටු) කණ්ඩායමට ඇතුලත් ය.

පහරදීම සිදුවන අවස්ථාවේ හඩපට සාක්ෂි කිහිපයක් අප වෙත ලැබීමට නියමිත අතර වැඩි විස්තර සදහා රැදීසිටින්න.IMG 20181201 WA0007

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න