අධිකරණය හමුවේ කුමන්ත්‍රණය හාන්සියි : මහින්ද ඇතුළු රොත්තට අතුරු තහනම් නියෝගයක් !

 අධිකරණය හමුවේ කුමන්ත්‍රණය හාන්සියි : මහින්ද ඇතුළු රොත්තට අතුරු තහනම් නියෝගයක් !

කුමන්ත්‍රණ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පෙනී සිටින  මහින්ද රාජපක්ෂට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට අභියාචනාධිකරණය විසින් අද (03) අතුරු නියෝගයක් නිකුත් කර ඇත. 

ඊට අනුව කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති ලෙස පෙනී සිටින මහින්දට සහ අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු ගොනු කල රිට් පෙත්සම අසා නිමවන තුරු මෙම අතුරු නියෝගය බල පැවැත්වේ.

එසේම  මහින්ද රාජපක්ෂ මහතාට සහ ඔහුගේ ගෝලබාල අමාත්‍ය මණ්ඩලයට අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින්නැයිද  අභියාචනාධිකරණයෙන් අද  නොතීසි නිකුත්කර ඇත.
 
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු විසින් අදාළ පෙත්සම ගොනු කර තිබුණු අතර   අභියාචාධිකරණයේ දී දෙවන දිනටත් අද මේ සම්බන්ධව සියලු කරුණු දැක්වීම අවසන් කල අතර තීන්දුව සවස 3.00ට  පත් කරමින්   අභියාචනාධිකරණය මෙම  තීන්දුව ලබා දෙනු ලැබිණ.

 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 ක විසින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණේ   මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දැරිමට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලට අමාත්‍ය ධුර දැරිමේ නිත්‍යානුකූල හිමිකමක් නොමැති බැවින් ඔවුන්ගේ පත්විම් බල රහිත කරන ලෙසය.

මේ සම්බන්ධ තීන්දුව දෙනු ලැබුවේ  අභියාචනාධිකරණ විනිසුරු ප්‍රිතිපද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල විසින්ය.  මෙම නඩුව යළි දෙසැම්බර් 12 වනදා කැඳවීමට නියමිත අතර එහිදී නොතිසි ලැබූ පාර්ශවයන්ට නිදහසට කරුණු දක්වන්න අවස්ථාව ලැබෙන බවද දැනගන්නට ඇත. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න