පාදෙණිය ඇතුළු  GOMA නඩය : කලිසම බේරාගැනීමේ සටනක !

පාදෙණිය ඇතුළු  GOMA නඩය : කලිසම බේරාගැනීමේ සටනක !

කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය ලබාදෙමින් කටයුතු කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GOMA ) අද (3) පළමු වතාවට එය විවේචනය කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ පැණිබීම වල අන්තර්ගත සීනි ප්‍රමාණය මත පදනම්ව පැවති බදු මුදල් සංශෝධනය කිරීමට කුමන්ත්‍රණ ආණ්ඩුව ගනුලැබූ තීරණය සම්බන්ධවය.

රට තුළ දියවැඩියාව වසංගතයක් බවට පත්ව තිබීම හමුවේ එය පාලනය කර ගැනීම වෙනුවෙන් යහපාලනය විසින් මේ බදු පැනවීම සිදුකළ නමුත් පසුගියදා මහින්ද රාජපක්ෂ හමුවූ පැණිබීම නිෂ්පාදකයන් අදාළ බදු මුදල් ඉවත්කර ගැනීමට කටයුතු කරගනු ලැබිණ.

එහිදී මහින්ද රාජපක්ෂ මෙම තීන්දුව ගනු ලැබූයේ කිසිඳු ප්‍රතිපත්තියක් නොමැතිව අදාළ ව්‍යාපාරිකයන්ගේ හිත දිනා ගැනීමේ පටු අපේක්ෂාව ඇතිවය. 

මේ සම්බන්ධව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ දියවැඩියාව පාලනය කිරීම වෙනුවෙන් පනවා තිබු මේ සීමා ඉවත් කිරීම සම්බන්ධව තමන් පුදුම වන බවය. එසේම මොළය කළඳක් ඇති අයෙකු මෙවැනි ක්‍රියාමාර්ගයක් අනුමත නොකරන නමුත් බල තන්හාවෙන් වියරු වැටී සිටින සිරිසේන - මහින්ද කුමන්ත්‍රණ ආණ්ඩුව මේ සියළු පහත් ක්‍රියා සිදුකරන්නේ මොළය පැත්තකින් තබාය.

දැන් වන විට ඒ කුමන්ත්‍රණ ආණ්ඩුව පළමුව ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්, පසුව පොලිසිය සහ අධිකරණයට බලපෑම් කරමින් දැන් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් තිබූ නීති පවා ව්‍යාපාරික නඩවල වුවමනාව මත සංශෝධනය කරමින් සිටින බැවින් ඒ හමුවේ ගැලවෙන රෙදි පරිස්සම් කර ගැනීමේ දුෂ්කර තත්ත්වයක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැටී ඇති බව පැහැදිළිය.

එසේම යහපාලන සමයේ හදසි වැස්සකදී පවා රෝගී ජීවිත තර්ජනයට ලක්කරමින් වර්ජන කැඳවූ පාදෙණිය ඇතුළු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දියවැඩියාව ප්‍රවර්ධනය කිරීමට එනම් ඒ හමුවේ ජනජීවිතය තර්ජනයට වැටෙන්න ඉඩදීම හමුවේ "බබා ස්වරයෙන්" කුමන්ත්‍රණ නායකයන් අමතා තිබීම හමුවේ පෙන්නුම් කරන්නේ ඔවුන් ඒ වෙත දක්වන නීච ගැති භාවය මිස අන්යමක් නොවේය.

පහත දැක්වෙන්නේ ඊට අදාළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනයයි.

47180255 521383008379654 525132959653560320 n 1

පාදෙණියලා වෛද්‍ය සභාවේ යකා නටලා !


මේ අතර කුමන්ත්‍රණ ආණ්ඩුවේ ආරක්ෂකයන් බවට පත්ව සිටින   වෛද්‍ය පාදෙණිය නවීන්ද සොයිසා ඇතුළු රාජපක්ෂ කල්ලිය පසුගියදා  වෛද්‍ය සභාවේ යකා නැටූ පුවතක්ද වාර්තා වෙයි.

ලැබී ඇති වාර්තා අ නුව ශ්‍රී ලංකා  වෛද්‍ය සභාවේ මාසික රැස්වීම පසුගිය   (30) දහවල් එම සභාවේ සාමාජිකයින් සහභාගීත්වයෙන් පවත්වා ඇති අතර මෙහි දී රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් රජයේ වෛද්‍ය සභාව වෙත අලුතින් පත්කරගන්නා ලද නව සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් කොහේ දැයි විමසා සිට ඇති අතර වෛද්‍යසභාවේ උපසභාපතිනිය විසින් දැනුම් දී ඇත්තේ නව සභාපතිවරයා විසින් එම තණතුර ප්‍රතික්ෂේප කර ඇති බවයි. 

එහි දී වෛද්‍ය සභාව වෙත පත්කරන ලද  ලිපිය වෛද්‍ය නවීන්ද සොයිසා විසින් රැගෙණ විත් තිබූ අතර එහිදී වෛද්‍ය සභාවට මෙම පත්කිරීම සිදුකර ඇත්තේ රජයේ වෛද්‍ය නිලධරීන්ගේසංගගමයේ උවමනාවට බව උලුප්පා පෙන්වීමට උත්සාහ කර ඇති බවට වාර්තා වේ.

එහි දී වෛද්‍ය සභාවේ සාමාජිකයින් පවසා ඇත්තේ මෙය දේශපාලන අතපෙවීමක් බවත් මෙවැනි ක්‍රියාවත් ඉතිහාසයේ කිසිදු දිනක වෛද්‍ය සභාව තුල සිදුව නොමැති බවත් ඒ අනුව වෛද්‍ය පාලිතඅබේකෝන් මහතා අපහසුතාවයට ලක්කර ඇති බවත් මෙම තණතුර භාර නොගැනීමට මෙය එක හේතුවක් බව දක්වා ඇත.

ඒ සමගම වෛද්‍ය අඥාපණතට පිටුපාමින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පත්කරන ලද කමිටුව අහෝසි කරන ලෙස ඉල්ලමින් වෛද්‍ය පාලිත අබේකෝන් මහතාගේ නමට සදහන් කරමින් ලිපිදෙකක් යොමුකර ඇති බවටත් වාර්තාවේ.

මෙහි දී මෙම කමිටුව පත් කරන ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍ය වරයාගෙන් එවකට වෛද්‍ය සභාව විසින් ඉල්ලීමක් ඇති බවට වාර්තා වේ. 

මෙහි දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා වෛද්‍ය පාදෙනිය විසින් ප්‍රකාශ කර ඇත්තේ තම සංගමයේ ඉල්ලීම මත ඉහත කමිටුව විසිරුවා හරින ලද බවයි.

එහි දී එම ප්‍රකාශයට වෛද්‍ය සභාවේ සියළු ම සාමාජිකයින් සිය විරෝධය පලකර ඇති අතර මෙහිදී කෝපයට පත් වෛද්‍ය නවීන්ද සොයිසා විසින් ජාතික ළමාරක්ෂක අධිකාරියේ ප්‍රථමසභාපතිවරයා වූ මහාචාර්ය හරේන් ද සිල්වා මහතාට බැනවැදි පහරදීමට ද සූදානම් වී ඇති අතර වෛද්‍ය සභාවේ උපසභාපකිනියගේ හා අනෙකුත් සාමාජිකයින්ගේ මැදිහත්වීම මත  එම ආරවුලපසුව සමතයකට පත්ව ඇති  බවට වාර්තා වේ. 

එහි දී ඉන් පිටව ගිය සාමාජිකයින් පවසා ඇත්තේ මෙවැනි හැසිරීමක් වෛද්‍ය සභාව තුල කිසිදු දිනක සිදු නොවී ඇති බවත් අඩු උනේ මිරිස්කුඩු බවත්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න