19 ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිටුපස : මැතිවරණ කොල්ලයක සැළසුමක් !

19 ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිටුපස : මැතිවරණ කොල්ලයක සැළසුමක් !

යළිත් ජාතික මැතිවරණයකට යාමට පෙර සිරිසේන ජනාධිපති 19 වන ව්‍යවස්ථා සංශෝධනය හකුළුවාලීමේ නින්දිත උත්සාහයක නිරත වන බවට දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය දියත්කර රටත් ආර්ථිකයත් මුළුමනින්ම අකර්මණ්‍ය කිරීම සම්බන්ධව මේ වන විට සමස්ථ ජනතාවගේම බලවත් අප්‍රසාදය ජනාධිපති සිරිසේන වෙත එල්ලවී ඇති අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ  19 වන ව්‍යවස්ථා සංශෝධනය හකුළුවා ඒකාධිපති බලතල නැවත ලබා මැතිවරණ කොල්ලයක් හරහා යලි බලය ඇල්ලීම සිරිසේන ජනාධිපතිගේ අපේක්ෂාව වී ඇති බවය.

මේ අතර 19 වන ව්‍යවස්ථා සංශෝධනය හකුළුවාලීමේ උත්සාහය සහ එවැනි සංශෝධනයක් හරහා අත්කරගැනීමට ප්‍රයත්න දරන අපේක්ෂා දැක්වෙන ට්වීටර් සටහනක් ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණ තබා තිබේ.

එහිදී ඔහු කරුණු කිහිපයක් අවධාරණය කර ඇත. ඒ, ද්විත්ව පුරවැසියන්ට යළිත් පාර්ලිමේන්තුව ඒමට අවස්ථාව උදාකිරීම, ස්වාධීන අධිකරණ පද්ධතිය අහිමි කිරීම, ස්වාධීන කොමිෂන් සභා දුර්වල වීම, පොලිසියට යුතු බලපෑම් කිරීමට අවස්ථාව හිමිවීම, විධායක ජනාධිපතිට අවස්ථා දෙකකට වඩා ධූරයේ රැඳී සිටීමට අවස්ථාව ලබා ගැනීම, ජනාධිපතිගේ විධායක බලයට සමස්ථ පාර්ලිමේන්තුව යටත් කිරීම යන කරුණුය.

මේ සම්බන්ධව ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණ තැබූ ට්වීටර් සටහන පහත දැක්වේ.

47683635 275374329995062 3426945454766555136 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න