ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කුමක් වුවත් : කුමන්ත්‍රණය දිගටම !

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කුමක් වුවත් : කුමන්ත්‍රණය දිගටම !

පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සඳහා ජනාධිපති සිරිසේන විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ තීන්දුව කුමක් වුවත් ඒ නොතකා කටයුතු කිරීමට කුමන්ත්‍රණ ආණ්ඩුව සූදානම් වන බව වාර්තා වෙයි.

ඒ විධායක ජනාධිපතිට විධාන නිකුත් කිරීමට බලයක් ශ්‍රේෂ්ඨාධිකරණයට නොමැති බව සඳහන් කරමින්ය.

එසේම එම කටයුත්ත වෙනුවෙන් දිගින් දිගටම දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කරමින් කාලය ගෙවීමට හැකි බව ජනාධිපතිගේ අදහස වී ඇති බවත් වාර්තා වෙයි.

ආණ්ඩු කුමන්ත්‍රණයට සහය දක්වමින් සිටින ලේක්හවුස් ප්‍රධානියකු සඳහන්කර සිටියේ භාරකාර ආණ්ඩුවක් හෝ බහුපාක්ෂික ආණ්ඩුවක් ඇතිකරගෙන පාර්ලිමේන්තු මැතිවරණයක් වනතෙක් කාලය ගතකිරීමට ජනාධිපති සිරිසේන සූදානමින් සිටින බවට පුවත් සැකසීමට තමන්වෙත උපදෙස් ලැබී ඇති බවය.

මෙහිදී භාරකාර ආණ්ඩුවක් හෝ බහු පාක්ෂික ආණ්ඩුවක් යන්නෙන් අදහස් කරනදේ සම්බන්ධව විමසීමේදී ඔහු පවසා සිටියේ කුමන නමකින් හඳුන්වා තිබුණද එහි අගමැති  මහින්ද රාජපක්ෂ වන බවය. එසේම ඊළඟ මහ මැතිවරණ අවස්ථාව එනතුරු මහින්ද රාජපක්ෂ හැර වෙනත් කිසිවෙකුට අග්‍රාමාත්‍ය ධුරය ලබානොදීමට ජනාධිපති සිරිසේන එකඟව ඇති බවත් ඒ වෙනුවෙන් මහ මැතිවරණයේදී පොහොට්ටුව සමඟ පොදු සන්ධානයක් යටතේ තරග කිරීමට සිරිසේන ජනාධිපතිගේ පාර්ශවයට අවස්ථාව හිමිවන බවද ඔහු පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න