ජගත් මානව හිමිකම් ප්‍රකාශනයට 70 යි : ලංකාවේ තත්ත්වය අන්තිමයි !

ජගත් මානව හිමිකම් ප්‍රකාශනයට 70 යි : ලංකාවේ තත්ත්වය අන්තිමයි !

ජගත් මානව හිමිකම් ප්‍රකාශනයට හැත්තෑ වසරක් සපිරෙන මේ මොහොතේ ශ්‍රී ලංකාව මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් තියුණු අභියෝගයකට මුහුණ දී සිටින බව තේරුම් ගෙන, එම අභියෝග ජය ගැනීමට සමස්ත සමාජයේම අවධානය යොමු විය යුතුව ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විශ්වාස කරන බව සඳහන් කරයි.

දෙසැම්බර් 10 වන දිනට යෙදෙන ජගත් මානව හිමිකම් දිනය නිමිත්තෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙසේ සඳහන් කර සිටියි. 
 
ගෙවි ගිය හැත්තෑ වසර තුළ, මානව හිමිකම් ආරක්ෂා කොට පෝෂණය කිරීම පිණිස ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යයන්තරව ද තබනු ලැබු සෑම පියවරක් දෙසම ආපසු හැරී බැලීමටත්, අනාගතය වඩා යහපත් කර ගැනීම සඳහා සුදානම් වීමටත් යොදා ගත යුතු දිනයක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙම දිනය සලකන බවත් මෙතෙක් ලබා ගෙන ඇති ජයග්‍රහණ තහවුරු කර ගනිමින් නව අරමුණු කරා යොමු විය යුතු අවස්ථාවක, ශ්‍රී ලංකික සමාජය තුළ මෙතෙක් ලබා ඇති ජයග්‍රහණ පවා අවදානමට ලක් ව තිබීම අවාසනාවත්ත තත්ත්වයක් බවත් එම නිවේදනයේ සඳහන් කර ඇත.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිකුත්කළ සම්පුර්ණ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න