කුමන්ත්‍රණ ආණ්ඩුවේ ප්‍රධාන රාජ්‍ය නිළධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව පාර්ලිමේන්තුව ක්‍රියා කිරීමට සුදානම් බවත් ඒ වෙනුවෙන් වන යෝජනාව ඇතුළත් ලිඛිත ලියවිලි පසුගිය සිකුරාදා කතානායක සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලබාදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
අද (09) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කල අතර කුමන්ත්‍රණ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ලේකම් අමරසේකර, කුමන්ත්‍රණ ආණ්ඩුවේ මුදල් අමාත්‍යංශ ලේකම් ආටිගල ඇතුළු බර්නාඩ් වසන්ත පෙරේරා, උපාලි මාරසිංහ, එස්.ටී. කොඩිකාර යන අමාත්‍යංශ ලේකම්වරුන් ඒ අනුව පාර්ලිමේන්තුවට කැඳවීමට නියමිත බවද පැවසීය.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව, මුල්‍ය කමිටුව, පොදු විගණන කමිටුව වෙත කැඳවීමට නියමිතව ඇති බවයි.

