2019 ජනවාරි මාසය වනවිට අතුරු සම්මත ගිණුමක් හෝ අයවැයක් සම්මත වී නොතිබුණොත් රජයේ වියදම් පියවා ගන්නේ කවර නීතියක් යටතේදැයි නීතිපතිවරයාගෙන් විමසීමට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා තීන්දු කර ඇති බව වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් අප කල විමසුමකදී මුදල් අමාත්‍යංශ නිලධාරියෙකු සඳහන්කර සිටියේ ජනවාරි මස මැදදී කල් පිරෙන බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත්වල මුදල් පියවීමට ඒවා නිකුත් කරන මොහොතේ පාර්ලිමේන්තු අනුමැතිය හිමිව තිබෙන බැවින් ඊට බාධාවක් නැති බවය.
එහෙත් ජනවාරියේ රාජ්‍ය සේවක වැටුප් විශ්‍රාම වැටුප් හා වෙනත් පුනරාවර්තන වියදම් පියවීමට අවශ්‍ය මුදල් ලබා ගැනීමේ නීතිමය ප්‍රතිපාදන කවරේදැයි විමසීම මුදල් අමාත්‍යංශයේ අරමුණ බව ඔහු සඳහන් කරයි.
සබැඳි පුවත
2019 ජනවාරි සිට රාජ්‍ය යාන්ත්‍රණයම හාන්සියි : මාස තුනකට වියදම් ගන්න සිරිසේනට බෑ : මෙන්න සාක්ෂි !

