තමන් කිසිවිටක පොහොට්ටුවේ සාමාජිකත්වය නොගන්නා බවත් තමන්ද කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මෙන් පරණ ශ්‍රී ලංකා කාරයෙකු ලෙස කටයුතු කරන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී විජයමුණි සොයිසා මහතා මේ අදහස් පළ කළේ ඊයේ (08) කළුතර ප්‍රදේශයේදී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
රට විශාල ආර්ථික අර්බුදයකට පත්ව ඇති බවත් එය කිසිවෙකුට සැඟවිය නොහැකි බවත් ඔහු පවසයි. අර්බුද ඇති කළ කිසිවකුත් ඊට වන්දි නොගෙවන බවත් සියල්ල ගෙවීමට සිදුවන්නේ සාමාන්‍ය ජනතාව බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
ඒ නිසා සියලු දෙනාගේම වගකීම වන්නේ මෙම ප්‍රශ්නය සමථයකට පත් කරගෙන ස්ථිර ආණ්ඩුවක් පිහිටුවා මැතිවරණයට යාම හෝ වෙනත් ඕනෑම විසඳුමකට යාම බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.
බහුතරය පෙන්වීමට නොහැකි වුණේ තමන්ට නොවන බවත් තමන් බහුතරය පෙන්වීමට අදාළ සහයෝගය ලබාදුන් බවත් පැවසූ සොයිසා මන්ත්‍රීවරයා “දැන් අපි අප්පච්චි අගමැති කරා, අපෙ ඇමතිකමත් නැතිවුණා, අපිට උසාවිත් යන්න වෙලා තියෙනවා … අපි ඒත් සතුටින් ඉන්නේ” යනුවෙන් ද සඳහන් කර තිබේ.
තමන් කිසිවිටක පොහොට්ටුවේ සාමාජිකත්වය නොගන්නා බවත් “මමත් වෙල්ගම මහත්තයා වගේ තමයි, අපි පරණ ශ්‍රී ලංකා කාරයෝ” යනුවෙන් ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත.

