මහමැතිවරණයට  පොහොට්ටුවෙන් පමණයි : පොදුජන පෙරමුණ දැඩි ස්ථාවරයක ! 

මහමැතිවරණයට  පොහොට්ටුවෙන් පමණයි : පොදුජන පෙරමුණ දැඩි ස්ථාවරයක ! 

ඉදිරි  මහ මැතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණින් හැර වෙනත් කිසිඳු ලකුණකින් ඉදිරිපත් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරංචිමාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, රංජිත් සොයිසා, පවිත්‍රා වන්නිආරච්චි, රමේෂ් පතිරණ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ බහුතරයක් මෙන්ම  බැසිල් රාජපක්ෂගේ උපදේශකයන්ද මේ සම්බන්ධව දැඩි ස්ථාවරයක සිටින බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයද ජයග්‍රහණයක් අපේක්ෂා කරනවා නම්  තරග කළ යුත්තේ පොදුජන පෙරමුණට අයත් පොහොට්ටුව ලකුණින් බවද ඔවුන්ගේ ස්ථාවරය වී ඇති බව දැනගන්නට ඇත.

මේ අතර ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා ඒ බව පසුගියදා මාධ්‍ය හමුවේද සහතික කර ඇති අතර එළඹෙන මහ මැතිවරණයේදී පොහොට්ටුව ලකුණින් තරග කළ යුතු බවට වන යෝජනාවක් ගම්පහ දිස්ත්‍රීක්කය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියළු නියෝජිතයන් එක්ව සම්මත කර ගෙන ඇති බවද ඔහු කියා ඇත.

මහින්දගේ උපදෙස 

මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණය කුමන තීන්දුවක් ලබා දුන්නද මහ මැතිවරණයක් වෙනුවෙන් පක්ෂය සූදානම් කරන ලෙස මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාද පොදුජන පෙරමුණට දන්වා ඇති බවත්  ඒ වෙනුවෙන් බිම් මට්ටමේ සාමාජිකයන් කැඳවා දැනුවත් කරන ලෙසද උපදෙස් නිකුත් කර ඇති බවද වාර්තා වෙයි.

උදයංග වීරතුංගගේ මුහුණු පොත 

මේ සම්බන්ධව උදයංග වීරතුංග (මිග් යානා ගනුදෙනුව සම්බන්ධව වරෙන්තු ලබා සිටියි) ද සිය ෆීස් බුක් ගිණුමේ සටහනක් තබා මේ බව අවධාරණය කර ඇත.
Captureqw
ශ්‍රීලනිපය පොදු පෙරමුණක් වෙනුවෙන් බලාසිටියි ! 

කෙසේ වුවත් ශ්‍රීලනිප ආරංචිමාර්ග සඳහන් කරන්නේ මේ අතර පොදු ලකුණක් යටතේ තරග කිරීමට ඇති හැකියාව පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති , ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (8) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදි ද සාකච්ඡාවූ බවය.

එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුයේ, ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමඟ නිර්මාණය කරන්නා වූ නව සන්ධානයක් හරහා ඉදිරියට යාමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිදු අවස්ථාවකදි අභියෝගයක් නොවන බවත් එදිරියෙදි එම පක්ෂය සමඟ සන්ධානගතව කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

කෙසේවුවද දුමින්ද-අමරවීර කණ්ඩායම පොහොට්ටුව ලකුණින් තරඟ කිරීම සම්බන්ධයෙන් බලවත් විරෝධයක් දක්වමින් සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න