UNF සැලූන් දොර විවෘත වෙයි : තිලිණ බණ්ඩාර එජාපෙට

UNF සැලූන් දොර විවෘත වෙයි : තිලිණ බණ්ඩාර එජාපෙට

මධ්‍යම පළාත් හිටපු අමාත්‍ය තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා අද එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබාගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙසේ එක්සත් ජාතික පක්ෂයට එක්වීමට ඔහු තීරණය කර ඇති අතර රටම අස්ථාවර කරමින් පක්ෂයද අපකීර්තියටත් විනාශයටත් ඇදදමා සිරිසේන ජනාධිපති දියත්කර තිබෙන දේශපාලන කුමන්ත්‍රණය හේතුවෙන් බිම් මට්ටමේ ශ්‍රීලනිප සාමාජිකයන් රැසක් කළකිරීමෙන් සිටින බවත් ඔවුන්ද එක්සත් ජාතික පෙරමුණ ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට සහය දක්වන බවත් සඳහන් කර ඇත.

මේ අතර තවත් ශ්‍රීලනිප ප්‍රබලයින් රැසක් එක්සත් ජාතික පක්ෂයට ඉදිරියේදී සම්බන්ධවීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න