කුමන්ත්‍රණ ආණ්ඩුවේ චීන හිතවත්කමට බටහිර විරෝධය : ජර්මන් තානාපති ප්‍රසිද්ධියේ කියයි !

කුමන්ත්‍රණ ආණ්ඩුවේ චීන හිතවත්කමට බටහිර විරෝධය : ජර්මන් තානාපති ප්‍රසිද්ධියේ කියයි !
එක් මාවතක් - එක් තීරයක්’ One Belt One Road (OBOR) initiative සැලැස්ම යටතේ ක්‍රියාත්මක කරන චීන ව්‍යාපෘතිවල ඍණාත්මක බලපෑම පිළිබඳව ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති යොඅර්න් රොඩ් මහතා සිය කනස්සල්ල පළ කර ඇත.
 
පසුගිය සතියේ මන්නාරමේ පැවති පොත් එළිදැක්වීමේ උත්සවයේදී ජර්මානු තානාපතිවරයා කියා සිටියේ චීනයේ OBOR වැඩපිළිවෙළට පෙර රාමසේතු මාර්ගය පිළිබඳව අවධානය යොමු කිරීම වඩා යහපත් බවයි.
 
"වසර දහස් ගණනක් පුරාවට මෙම ප්‍රදේශය තුළ රාමසේතු මාර්ගය පවතින අතර එය යළි ස්ථාපිත කර නැත. මා සිතන ආකාරයට OBOR සැලැස්ම ක්‍රියාවට නැංවීමට පෙර ඔබලා මේ පිළිබඳව අවධානය යොමු කිරීමට අවශ්‍යයි,"යැයි ඔහු පවසා ඇත.
 
එසේ සිදුකළහොත් එය ශ්‍රී ලංකාව පාරිසරික හා ආර්ථික අතින් වාසිදායික වන බවත් එමගින් ලංකාව නිවැරදි මගකට යොමුවනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.
 
OBOR යටතේ චීනය විසින් ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති කිහිපයක් සඳහා ආයෝජනය කර ඇති අතර, මේ පිළිබඳව විශේෂයෙන්ම ඉන්දියාව හා ඇමෙරිකාව කනස්සල්ල පළ කර ඇත.
 
චීනය විසින් ලංකාවේ සිදුකරන ආයෝජන හරහා හමුදා මූලාස්ථානයක් ස්ථාපිත කිරීමට කටයුතු කරනු ඇතැයි ඉන්දියාව හා ඇමෙරිකාව සැක පළකරන අතර, මෙම චෝදනාව චීනය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
 
මේ අතර දැඩි දේශපාලන අර්බුදය මධ්‍යයේ මහින්ද චීනය සමඟ හොර රහසේ ගැසූ රු.මි. 10386ක ගිවිසුම රොයිටර් පුවත් සේවයද පසුගියදා අනාවරණය කර තිබිණ.
 
 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න