නාමල්ට හෙටක් හදන්න : රාජපක්ෂ පවුල් ගහේ අලුත් මුහුණු එල්ලයි !

නාමල්ට හෙටක් හදන්න : රාජපක්ෂ පවුල් ගහේ අලුත් මුහුණු එල්ලයි !

ඉදිරි මහමැතිවරණයට පොහොට්ටුව නියෝජනය කරමින්  රාජපක්ෂ ඥාතීන් රැසක් පාර්ලිමේන්තුවට ඇතුළත් කිරීමට මහින්ද රාජපක්ෂ තීරණය කර ඇති බව වාර්තා වෙයි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පොදුජන පෙරමුණ තුළ නායකයකු වශයෙන් පෙරට ගෙන ඒමත් ඒ වෙනුවෙන් බාධාවන බවට සැකකෙරෙන පාර්ශව දේශපාලන කරළියෙන් ඈත් කිරීම වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බවත් දැනගන්නට ඇත.

ඒ අනුව මේ වන විටත් මාතර දිස්ත්‍රික්කයෙන් රාජපක්ෂ පවුලේ මහින්ද රාජපක්ෂ මහතාට ඉතා ලඟම ඥාති පුත්‍රයෙක් මේ වනවිටත් මැතිවරණ කටයුතු ආරම්භකර ඇති අතර ඔහුගේ ආගමනයට දිස්ත්‍රිකක්යේ සන්ධානයේ ප්‍රබල දේශපාලන චරිතවල බලවත් විරෝධම මතුව ඇති බවද වාර්තා වෙයි.

රාජපක්ෂ පවුල්වාදයට ගොදුරු නොවූ දිස්ත්‍රික්කයක් වන මාතර ද රාජපක්ෂ පවුලේ බූවල්ලාගේ අඬුවලට හසුවීම සන්ධානයේ මාතර ප්‍රබලයන්ගේ දැඩි විරෝධාකල්පයකට හේතුවී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න