සිරිසේන උමතු රෝගයකින්ද ? පරීක්ෂා කරන්න : අද අධිකරණයට පැමිණිල්ලක් !

සිරිසේන උමතු රෝගයකින්ද ? පරීක්ෂා කරන්න : අද අධිකරණයට පැමිණිල්ලක් !

පුරවැසියන්ගේ ගෞරවය ආරක්ෂා කිරීමේ අපේක්ෂාවෙන් යුතුව මානසික රෝගී ආඥාපනත හරහා ජනාධිපති සිරිසේනගේ මානසික සෞඛ්‍ය මට්ටම යහපත්ද යන්න විමසා බැලීමට අවශ්‍ය කටයුතු සකස්කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන ලෙස  ඉල්ලා අභියාචනාධිකරණය   වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

අද (10) අභියාචනාධිකරණය  වෙත මෙම පැමිණිල්ල ගොනුකර සිටියේ සිවිල් සමාජ ක්‍රියාකාරිනියක් වන තක්ෂිලා ජයවර්ධනගේ දැනුම්දීම මත සිසිර කුමාර සිරිවර්ධන නීතිඥයා විසින් මෙම පැමිණිල්ල ගොනුකර ඇත.
 
මෙහිදී නීතිඥවරයා මාධ්‍ය වෙත අදහස්  දක්වමින් පවසා සිටියේ ජනාධිපතිට එම ධුරයට අදාළව මුක්තිය තිබෙන්නේ සිහිය හොඳින් ඇති විටදී පමණක් බවත් ඒ හැර කිසියම්  ව්‍යාකුලත්වයක් ඇතිනම් විධායක මුක්තිය ඔහුට හිමිනොවන බවත්ය.
 
අධිකරණ ආරංචිමාර්ග සඳහන් කරන ලෙස කිසියම් අයෙකුගේ සිහි බුද්ධිය අවුල්වීම මත සිවිල් පුරවැසියන්ට කරදරයක්වීමට හෝ ගෞරවයට හානියක් වීමට අවදානමක් ඇත්නම් ඒ සම්බන්ධව පොලිසියට පැමිණිලි කිරීමට අවස්ථාව ඇත. ඒ අනුව සැකකාර පුද්ගලයා ගැන  විමර්ශනයක් කිරීම සඳහා ඒ සම්බන්ධව අධිකරණ බල ප්‍රදේශයේ දිසා විනිසුරුවරයා වෙත දන්වා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසියට හැකියාව තිබේ. එහිදී පොලිස් වාර්තාව සැළකිල්ලට ගෙන අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට හෝ ප්‍රතිකාර, පුනරුත්ථාපනයට යොමුකිරීමට අවශ්‍ය නියෝග නිකුත් කිරීමට විනිසුරුවරයාට හැකියාව ඇත.   ඊට අදාළ ප්‍රතිපාදන යොදාගෙන මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
 
එසේම වැඩිදුරටත් වාර්තා වන ආකාරයට  සිරිසේන ජනාධිපතිගේ ලේ ඥාතියකු උමතු රෝගයකට ප්‍රතිකාර ගෙන තිබීම සහ ජනාධිපති සිරිසේනට ද ඒ අනුව නිධන්ගත උමතු රෝගයක් තිබීමේ හැකියාව, ඥාතියාගේ උමතු රෝගය පිළිබඳ  ඒ බව චතුරිකා සිරිසේන ලියු බව කියන "ජනාධිපති තාත්තා" කෘතියේ ඇතුළත්ව තිබීම, ග්‍රාමීය සමාජ පසුබිමක් ඇති සිරිසේන ජනාධිපතිට පවතින දේශපාලන අර්බුදය හමුවේ ඊට මුහුණදීමට තරම් මානසික සුවතාවක් ඇතිද යන්න පිළිබඳ සැකය සහ ජනාධිපති සිරිසේනට මානසික රෝගයක් ඇති බවට ජනතාව අතර මතයක් පැවතීම,  සිය ළඟම සහ බලපෑම් සහගත තනතුරක්  වූ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා අල්ලස් ගනුදෙනුවකදී අත්අඩංගුවට පත්වීම සහ ඒ සඳහා එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මැදිහත්වූ බවට සැක කරමින් ඔහු සම්බන්ධව ඇතිව තිබෙන මානසික අසමතුලිතතාව රටේ දේශපාලන අස්ථාවරත්වයට මුලිකවී ඇති බවත් මෙම පැමිණිල්ලේ අන්තර්ගතයට ඇතුළත්ව ඇත.
 
48281832 733417537036552 8941065653259862016 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න