ආර්ථික අවධානම ගැන හිතන්න : ඇමරිකානු තානාපතිනිය සිරිසේනට දන්වයි !

ආර්ථික අවධානම ගැන හිතන්න : ඇමරිකානු තානාපතිනිය සිරිසේනට දන්වයි !
පවතින ව්‍යවථාපිත අර්බුදයෙන් රටේ ආර්ථිකයට වන හානිය ගැන ජනාධිපති සිරිසේන ඇතුළු නායකයන් කල්පනාකාරි විය යුතු  බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ඇලේනා බී ටෙප්ලිට්ස් පවසයි.
 
තානාපතිවරිය මේ බව සඳහන්කර ඇත්තේ මහනුවර අමෙරිකානු කේන්ද්‍රයේ පැවති වැඩසටහනකට සහභාගී වෙමින්ය.
 
එහිදි තානාපතිවරිය කියා සිටියේ මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අර්බුදය විසඳා ගත හැකි වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග මගින් බවයි. අමෙරිකානු රජය ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බවද ඇය පවසා ඇත.  මෙහිදි ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී න්‍යායන්ට ගරු කරමින් නීත්‍යානුකූල රජයක් පිහිටුවීම කෙරෙහි අවධානය යොමු කරතැයි තමන් විශ්වාස කරන අතර මේ වන විටත් මෙම අර්බුදය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව ද සඳහන් කර තිබේ.
 
විශේෂයෙන්ම රුපියල අවභාවිත වීම හා සංචාරකයන් පැමිණෙන සමය වන දෙසැම්බර් මාසයේදී සංචාරක කර්මාන්තය ද  අර්බුදයට ලක් වීම ශ්‍රී ලංකා ආර්ථිකයට එතරම් යහපත් නොවන  බවත්, ඇතැම් ආයෝජකයන් හා වානිජ මණ්ඩල සාමාජිකයන් ද ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවේ ආයෝජනය කිරීමට අදිමදි කරන  බවත් ඇය එහිදී අවධාරණය කර තිබේ.
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න