සිරිසේනට එරෙහි : අමිල හිමි - ඕෂල ගේ පෙත්සම් ජනවාරි 07 ට කල්යයි !

සිරිසේනට එරෙහි : අමිල හිමි - ඕෂල ගේ පෙත්සම් ජනවාරි 07 ට කල්යයි !

රනිල් වික්‍රමසිංහ  අග්‍රාමාත්‍යවරයාව එම පදවියෙන් ඉවත්  කර  ඒ සඳහා මහින්ද රාජපක්ෂ පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම් දෙකක් සලකා බැලීම ජනවාරි මස 07  වැනිදා  සලකා බැලීමට අද (10)  ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. මෙම පෙත්සම් දෙක දඹර අමිල හිමියන් සහ  ජනාධිපති ගේ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂවරයකු  වන ඕෂල හේරත් විසින් ඉදිරිපත් කර තිබූ අතර හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ,  ඇමති මණ්ඩල සාමාජිකයන් සහ නීතිපතිවරයා ඇතුළු 53 දෙනෙකු  එහි වගඋත්තර කරුවන් ලෙස නම්කර ඇත.

අද (10) එම පෙත්සම් බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ සහ මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අතර එහිදී එහිදී රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ මේ  සම්බන්ධයෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා කාලය ලබා දෙන ලෙසයි.

ඒ අනුව පෙත්සම සලකා බැලීම ජනවාරි මස 7 වැනිදා සිදුකරන බවත් එදින මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ශවකරුවන්ට දන්වා සිටියේය.

පෙත්සම්කාර හිමියන් කියා සිටින්නේ ඉකුත් මස 26 වනදා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කොට එම තනතුරට මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ ප්‍රතිපාදනවලට පටහැනි බවයි.

මේ හේතුවෙන් ජනාධිපතිවරයා ගේ ක්‍රියා කලාපය තුළින් සිය මූලික අයිතීන් කඩ වී ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා සිටින පෙත්සම්කාර දඹරන් හිමියන් සහ ඕෂල හේරත්, මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය වළක්වාලීමේ අතුරු නියෝගයක් පෙත්සම් විභාගය අවසන් වනතුරු නිකුත් කරන මෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න