ශ්‍රී ලංකාවේ ධනුෂ්ක මත්තේඕ Backyard Ultra ශ්‍රී ලංකා වර්තාව අලුත් කරයි

ශ්‍රී ලංකාවේ ධනුෂ්ක මත්තේඕ Backyard Ultra ශ්‍රී ලංකා වර්තාව අලුත් කරයි

පසුගියදා Rasselbock running සංගමය මගින් සංවිධාන කරන ලද  එංගලන්තයේ Sherwood pines - Nottinghamshire හි පැවති Backyard Ultra තරගයේ දී ධනුෂ්ක මත්තේඕ පැය 24 ක් නොකඩවා කිලෝමීටර් 160KM දුවමින් නව ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට සමත් විය.

ඔහු වට 24 පුරාම සාමාන්‍ය කාලය මිනිත්තු 52යි තත්පර 57ක් ලෙස පවත්වා ගත් අතර ඔහු ගේ වේගවත්ම වටය 17 වන වටයේ දී වාර්තා වූ අතර එහි කාලය මිනිත්තු 50යි තත්පර 41කි.

බැක්යාඩ් අල්ට්‍රා (Backyard Ultra) යනු ලෝකයේ අසීරුතම දිගු දුර ධාවන තරඟ ආකෘතිවලින් එකකි. මෙහි දී සෑම ධාවකයෙකු ම පැය එකකට සැතපුම් 4.167ක් (කිලෝමීටර් 6.706ක) දුරක් දුවන අතර, ඊළඟ පැය ආරම්භ වන තුරු ඉතිරි කාලය විවේකය ගැනීම සඳහා යොදා ගත හැකි ය. නියමිත පැය තුළ දුර සම්පූර්ණ කිරීමට අපොහොසත් වන ධාවකයින් තරගයෙන් ඉවත් කරන අතර, අවසානයේ එක් ධාවකයකු පමණක් ඉතිරි වන තුරු තරගය නතර නොවී ඉදිරියට ගමන් කරයි. එම අවසන් ධාවකයා පමණක් ජයග්‍රාහකයා ලෙස නම් කෙරේ. මෙම තරගය දින ගණනක් වුව ද නොකඩවා පැවතිය හැකි ය. මෙම තරඟ ආකෘතිය ශාරීරික ශක්තිය මෙන්ම මානසික ශක්තිය ද දැඩි ලෙස පරීක්ෂාවට ලක් කරන බැවින්, එය ලොව අසීරුතම ධාවන තරගවලින් එකක් ලෙස සැලකේ.

මෙම Backyard Ultra තරගාවලියක් සදහා මීට පෙර ශ්‍රී ලංකා වර්තාවට හිමිකම් ලැබු  ශ්‍රී ලාංකිකයා ලෙස ඇන්ඩෘ ගෝපාල් ක්‍රිෂ්ණන් 2025 වසරේ ස්ව්ස්ටර්ලන්තයේ දී පැවති තරගයේ දී  පැය 9 ක කාලයක් සටහන්වු අතර,  එම කාලය අභිභවා යමින් පැය 24ක කාලයක් සටහන් කරමින් ධනුෂ්ක මත්තේඕ හට හැකි විය.

සමීර මදුසංක හේවා ගමගේ

sp2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න