ප්‍රමිතියෙන් තොර පිළිකා ඔෟෂධ ගැන මාධ්‍ය හමුවේ ගාලගෝට්ටියක් !

ප්‍රමිතියෙන් තොර පිළිකා ඔෟෂධ ගැන මාධ්‍ය හමුවේ ගාලගෝට්ටියක් !

ප්‍රමිතියෙන් තොර පිළිකා ඔෟෂධයක් රුසියාවෙන් ගෙන්වා රෝගීන්ට ලබාදෙන සිද්ධියක් පිළිබඳ හෙළි කිරීමට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංගමය නමැති සංවිධානයක් කොළඹ බස්නාහිර සෞන්දර්ය නිකේතනයේ පසුගියදා (03) පැවැති මාධ්‍ය සාකච්ඡාවක් ගාලගෝට්ටියකින් අවසන්ව ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට මෙම මාධ්‍ය සාකච්ඡාව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංගමය නමැති සංවිධානයක් විසින් සංවිධාන කර තිබූ අතර එම සංගමය පිළිකා ඔෟෂධ සම්බන්ධව කතා කරන්නේ මන්දැයි මාධ්‍යවේදීහු මෙහිදී එහි සභාපති ලෙස පෙනී සිටි සංජය පෙරේරා මහතාගෙන් විමසා ඇත.

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සහ රාජ්‍ය ඔෟෂධ සංස්ථාවේ නිලධාරීන් කිහිප දෙනකු විසින් මෙම ප්‍රමිතියෙන් තොර පිළිකා ඔෟෂධය රුසියාවෙන් ගෙන්වා රුපියල් බිලියන 3.8ක පාඩුවක් රටට සිදුකර ඇතැයිද හෙතෙම එහිදී පෙන්වාදෙනු ලැබීය. 2015 සිට එම මිල අධික බාල පිළිකා ඔෟෂධය ගෙන්වීම නිසා මෙම පාඩුව සිදුවී ඇතැයිද ඒ මහතා කීය.

එහිදී මාධ්‍යවේදීන් කිහිපදෙනකු විමසා සිටියේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංගමය හා පිළිකා සමාගම් අතර ඇති සම්බන්ධය කුමක්ද කියාය. පිළිකා ඔෟෂධයක ප්‍රමිතිය පිළිබඳ කරුණු දැක්වීමට එක්කෝ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හෝ රජයේ වගකිවයුතු වෛද්‍යවරු සහභාගි කර නොගෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංගමයකට පිළිකා ඔෟෂධයක ප්‍රමිතිය පිළිබඳ කරුණු දැක්වීමට හැකිදැයි මෙහිදී මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ.

 

අනතුරුව මාධ්‍ය හමුව එහෙමපිටින්ම ගාලගෝට්ටියක් බවට පත්වූ අතර මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කල අයගේ පිටස්තර පිරිසක්ද එම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැති බස්නාහිර සෞන්දර්ය නිකේතනයට ඇතුළු වී ප්‍රවෘත්ති සාකච්ඡාව නවතා දමන ලෙසට කෑ ගසන අයුරු දක්නට ලැබිණි.

එම පිරිස එලෙස කියා එම ස්ථානයෙන් පිටත්ව යන අයුරු දක්නට ලැබිණි. එය සිදු වූයේද මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීමෙන් පසු සංවිධානය කල පුද්ගලයන් නිරුත්තර වූ අතරතුර වීමත් විශේෂත්වයකි. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව කිසියම් පිරිසකගේ අරමුණක් වෙනුවෙන් සංවිධාන කර තිබූ බව පැහැදිලි වූ අතර ඉතාමත්ම සංවිධානාත්මකව එය කඩාකප්පල් කිරීමට තවත් පිරිසක් ක්‍රියාකර තිබිණි.

මෙම පිළිකා ඔෟෂධවලට අදාළව පළමු ප්‍රවෘත්ති සාකච්ඡාව මීට පෙරාතුව අභයාරාමයේදී පවත්වා තිබිණි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න