පොලිස් කොමිසමට : සිරිසේනගෙන් බලපෑම් !

පොලිස් කොමිසමට : සිරිසේනගෙන් බලපෑම් !

පොලිස් කොමිසම විසින් පසුගියදා සිදුකරන ලද පොලිස් ස්ථානාධිපති මාරුවීම් 72 ක් සිරිසේන ජනාධිපති විසින් නීති විරෝධීව අත්හිටුවීමට නියෝග කර ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට උප පොලිස් පරීක්ෂකගේ සිට පොලිස්පතිවරයා දක්වා (පොලිස්පතිවරයා හැර) පොලිසියේ සියළුම ස්ථාන මාරු වීම් දැන් සිදුකිරීමේ නෛතික අයිතිය ඇත්තේ පොලිස් කොමිසමට ය. ඒ සඳහා ජනාධිපතිවරයා හෝ ආරක්ෂක ලේකම් හෝ වෙනත් කිසිදු පුද්ගලයෙකුට නෛතික අයිතියක් නැත.

ඒ අනුව අප ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුව ස්වාධීන ආයතනයක් බවට පත්කිරීම වෙනුවෙන් ව්‍යවස්ථානුකූලව ගනුලැබූ ක්‍රියාමාර්ගය පවා සිරිසේන ජනාධිපතිගේ මේ මැදිහත්වීම හේතුවෙන් බරපතළ අර්බුදයකට පත්කර ඇති බවය.

එසේම මේ ක්‍රියාව වහාම හකුලා ගැනීමට ජනාධිපති සිරිසේන කටයුතු කල යුතු බවත් නැතහොත් ජනාධිපති සිරිසේන නැවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සිදුවීමේ අවධානමක් ඇති බවද ආරංචිමාර්ග පෙන්වා දෙයි.

තවද මෙම ස්ථාන මාරු ලබාදීම සිදුකර ඇත්තේ පොලිස් ස්ථාන ආශ්‍රිත දුෂණ වළක්වා ගැනීමේ අරමුණින් වන අතර ඒ අනුව පොලිස් ස්ථාන 30ක ස්ථානාධිපතිවරුන් ස්ථාන මාරුව සඳහා තීරණය වී ඇත. නමුත් ජනාධිපති සිරිසේනගේ මේ මැදිහත්වීම මත පොලිස් ස්ථාන දුෂිත වීම වළක්වා ගැනීම වෙනුවෙන් දියත්කල වැඩසටහන සාර්ථක කරගැනීමට දුෂ්කරව ඇති බවද වාර්තා වෙයි.

එසේම සිරිසේන ජනාධිපති විසින් ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණ ආණ්ඩුව පිහිටවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරි කල නිශාන්ත සිල්වා පොලිස් පරීක්ෂකවරයාට ද නීති විරෝධී ස්ථාන මාරුවක් ලබාදීමට බලපෑම් කල බවත් ඒ උත්සාහය පොලිස් කොමිසමේ මැදිහත්වීම මත ව්‍යර්ථ කෙරුණු බවද සිහිපත් කල යුතුව ඇත.

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න