හරීන්ගේ නියෝජ්‍ය ඇමැති මනූෂ !

හරීන්ගේ නියෝජ්‍ය ඇමැති මනූෂ !

පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනූෂ නානායක්කාර මේ වනවිට සිය අමාත්‍යාංශයේ නිල නොලත් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බව විදුලි සංදේශ, විදේශ රැකියා සහ කි‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පවසයි.

බදුල්ල ප‍්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කර තිබේ.

එක් එක් පුද්ගලයන්ට අවශ්‍ය ආකාරයට එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව නටන්නේ නැති බවත් කිසිවෙකු දැනුවත්ව ආණ්ඩුවේ පැවැත්මට බාධා කරනවා නම් ඊට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියටත් කටයුතු කරන බවත් හරීන් අමාත්‍යවරයා පවසා ඇත.

එහිදී ආණ්ඩුවට බාධා කරන්නේ ජනාධිපති ද යන්න අදාල නොවන බවත් මෙතෙක් යහපාලනය කල තමන් දැන් දේශපාලනය කිරීම ඊට හේතුව බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න