සිරිසේනගේ තුන්වන පෞද්ගලික ලේකම්වරයාත් ඉල්ලා අස්වෙයි !

සිරිසේනගේ තුන්වන පෞද්ගලික ලේකම්වරයාත් ඉල්ලා අස්වෙයි !

ජනාධිපති සිරිසේනගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ එරික් ප්‍රසන්න වීරවර්ධන එම තනතුරින් ඉල්ලා අස් වි තිබේ.

සිරිසේන ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු තුන්වන පුද්ගලික ලේකම්වරයා වූයේ එරික් වීරවර්ධන වවන අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ ඔහුට පෙර සිටි දෙදෙනා ඉල්ලා අස්වූයේ ජනාධිපති සිරිසේන සමග රාජකාරි කළ නොහැකි යැයි පවසමින් බවය.

එරික් වීරවර්ධන මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් නියෝජ්‍ය ඇමැති ධූරයකද කටයුතු කළ අයෙක් වන අතර ශ්‍රීලනිපයේ තරුණ කටයුතු අංශයේ ලේකම්වරයෙකුද විය. එසේම කොළඹ රාජකීය විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජයේ මූලික අධ්‍යාපනය හැදෑරූ, සහ ලන්ඩනයේ ක්වීන්ස් මේරි සරසවියේ උසස් අධ්‍යාපනය හැදෑරූ අයෙකුද වෙයි.

ඒ අනුව පුරප්පාඩුවූ අදාළ තනතුර සඳහා කෝට්ටේ මහනගර සභාවේ මන්ත්‍රී ජානක රණවක පත් කර ඇති බව ජනාධිපති කාර්යාලය ආරංචි මාර්ග කියයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න