CID වාර්තා සිරිසේන හරහා පොහොට්ටුවට : ජොනීගේ කටින් පනියි !

CID වාර්තා සිරිසේන හරහා පොහොට්ටුවට : ජොනීගේ කටින් පනියි !

පොලිස් දෙපාර්තමේන්තුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ පවතින බැවින් ආණ්ඩුවේ සිදුවන සියළුම අභ්‍යන්තර සාකච්ඡා පිළිබඳ තොරතුරු මහින්ද පිල වෙත ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසා ඇත.

ඒ ඊයේ (05) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ කුරුණෑගල කාර්යාලයේ පැවති ජනහමුවක අදහස් දක්වමින්ය.

එසේම අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මහින්ද රාජපක්ෂ සමග එකට සිටගෙන සිටින බවත් එබැවින් පෙර තිබු ප්‍රශ්න දැන් නොමැති බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පවසා ඇත.

කෙසේ වුවත් මේ සම්බන්ධව අදහස් දක්වන දේශපාලන විචාරක මතය වී තිබෙන්නේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදු කළ වංචා දූෂණ පිළිබඳ විමර්ශන පැවැත්වෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන ආයතනවලින් වන අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයෙන් හෙළිවන්නේ එම විමර්ශනවලටද මේ වනවිට දැඩි බලපෑමක් සිදුවෙමින් ඇති බව බවය.

එසේම ජනාධිපති සිරිසේන මේ කටයුතු සිදුකරන්නේ ව්‍යවස්ථාවට අනුව නොවන බවත් ජනාධිපතිට නිදහසේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට ඉඩදී ආණ්ඩුව නිහඬවීම ප්‍රජාතන්ත්‍රවාදය නොවන බවද ඔවුන් පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න