නව සන්ධානයෙන් පොහොට්ටුව හැළෙයි !

නව සන්ධානයෙන් පොහොට්ටුව හැළෙයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්කර පිහිටුවන නව සන්ධානය සඳහා පොහොට්ටු ලකුණ යොදා නොගැනීමට තීන්දුවී ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ජනාධිපති සිරිසේන පාර්ශවයේ බලවත් විරෝධය හේතුවෙන් මෙසේ යෝජිත පොදු සන්ධානය සඳහා පොහොට්ටුව ලකුණ යොදා නොගැනීමට තීරණය කර ඇති අතර ඒ වෙනුවට යොදාගත හැකි වෙනත් ජන්ද ලකුණක් කෙරෙහි අවධානය යොමුකර ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධව පසුගියදා විද්‍යුත් මාධ්‍යක් සමඟ පැවති දේශපාලන වැඩසටහනකදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායකද අදහස් දැක්වූ අතර එහිදී ඔහු සඳහන් කර සිටියේ නව සන්ධානය සඳහා දැනට වැඩි වශයෙන් අවධානය යොමුව ඇත්තේ ‘කුරුණිය’ යොදා ගැනීමට බවත් ‘චක‍්‍රායුධය’ යෝජනා වූ නමුත් එහි ඝණ පිහිටීම හොඳ නැති නිසා එය මදක් පසෙක තැබූ බවත්ය.

‘සල් මල’ සම්බන්ධයෙන් ද සලකා බලමින් සිටින බවත් ඔහු එහිදී වැඩිදුරටත් පවසා ඇත.

එසේම පිහිටුවන පක්‍ෂයේ ලකුණ පොහොට්ටුව නොවන බවද මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න