අහිමි කළ ණය වාරිකය ගන්න : මංගල IMF වෙත යයි !

අහිමි කළ ණය වාරිකය ගන්න : මංගල IMF වෙත යයි !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ලබාදීමට නියමිතව තිබියදී නතර කරන ලද ණය වාරිකය ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ඇතුළු නිලධාරීන් පිරිසක් හෙට (11දා) ඇමෙරිකා එක්සත් ජනපදයේ පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානය වෙත යෑමට නියමිතය.

එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂ්ටීන් ලගාර්දේ, නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ මිට්සුහිරෝ ෆුරුසවා ඇතුළු පිරිසක් සමඟ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා දූත පිරිස බලාපොරොත්තු වන බවද වාර්තා වෙයි.

මංගල සමරවීර අමාත්‍යවරයා සමඟ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඇතුළු නිලධාරීන් පිරිසක්ද මේ සංචාරය සඳහා එක්වීමට නියමිත බවද වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ පසුගිය වසරේ අග භාගයේදී ඇති වූ ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත්‍රණය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඊට පෙර ලබා දීමට එකඟ වී තිබූ ණය වාරිකය ගෙවීම නතර කොට තිබිණි.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න