ඩඩ්ලිගේ අළුත්ම ව්‍යාපාරය:දුෂණ විරෝධී NGO එකක් !

ඩඩ්ලිගේ අළුත්ම ව්‍යාපාරය:දුෂණ විරෝධී NGO එකක් !

දූෂිත පාලකයින්ට එරෙහිව මීළඟ මැතිවරණයෙන් පසු රජයට සම්බන්ධ නොවන සංවිධානයක් පිහිටුවා කටයුතු කරන බව ජනාධිපති සිරිසේනගේ සහෝදරයා වන කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ ඊයේ (09) අරලිය පොහොර සමාගම වෙනුවෙන් චීන සහ පිලීපීන සමාගම් දෙකක් සමඟ ගිවිසුම්වලට එළඹීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

එසේම වගාවට අවශ්‍ය පොහොර ඒ නියමිත කාලයේදී ලබාදිය යුතු බවවත් නොදන්නා පාලකයින් අද රට පාලනය කරන බවද ඔහු පවසා ඇති අතර එහිදී වැඩිදුරටත් මෙසේද සඳහන්කර ඇත.

"අපි පොලොන්නරුවෙ ඉපදුණු මිනිස්සු. අපි පොලොන්නරුවෙ ඉස්කෝලෙ ගිය මිනිස්සු. ඔය කියන මහලොකු කොළඹ ඉස්කෝලෙ ගිය එවුන් තමයි රට කෑවෙ. ඒක නිසා මුං ඔක්කොම පොලොන්නරුවෙ ඉස්කෝලෙ යවන්න ඕනෙ ඉස්සෙල්ලා.

විදේශ ආයෝජකයො මෙහෙට එන්න බැරි ප්‍රශ්නත් තියෙනවා. ඊයෙ පෙරේදා ආපු මිනිස්සු ටිකත් යන්නම ගියා, ආයෙ ජීවිතේට එන්නෙත් නෑ. 10%, 15%, 20%, 50% ඉල්ලපු උනුත් ඉන්නවා ආයෝජනවලින්. මෙව්වට විරුද්ධව අපි 2019 ඉඳලා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවාමයි."

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න