ජනාධිපති කොමිෂන් වාර්තා පිළිගන්නේ නෑ - මහින්ද : ගිහින් සිරිසේනට කියන්න - මංගල !

ජනාධිපති කොමිෂන් වාර්තා පිළිගන්නේ නෑ - මහින්ද : ගිහින් සිරිසේනට කියන්න - මංගල !

තම ආණ්ඩු සමයේ සිදුවූ බව කියන බරපතල දුෂණ වංචා ක්‍රියාවන් පිළිබඳ විර්ශනය කළ බරපතල දුෂණ වංචා ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් ඊයේ (09) ස්වාධීන රෑපවාහිනී සේවය පිළිබඳ පාර්ලිමේන්තුවේදී පැවසු කරුණුවලට පිළිතුරු දෙමින්ය.

රාජපක්ෂ ආණ්ඩු සමයේ සිදුවූ දුෂණ වංචා සෙවීම සඳහා ජනාධිපති සිරිසේන විසින් බරපතල වංචා දුෂණ රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධ විමර්ශනය කිරිම පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව පත්කළේය.

තමන් එම වාර්තාව පිළි නොගන්නා බව මහින්ද රාජපක්ෂ මහතා පැවසු අවස්ථාවේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර සිටියේ මෑතක සිට මහින්ද රාජපක්ෂ මහතාගේ හොඳම යහලුවෙකු බවට පත්ව ඇති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ඒ බව පවසන ලෙසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න