අද ගෙවපු ඩොලර් මිලියන 1000ත් : මහින්දගේ බරක් !

අද ගෙවපු ඩොලර් මිලියන 1000ත් : මහින්දගේ බරක් !

මෙතෙක් ලංකා ඉතිහාසයේ ගෙවීමට නියමවූ වැඩිම විදෙස් ණය ප්‍රමාණය 2019 වසරේ ගෙවීමට සිදුව ඇති අතර ඒ ඇමරිකානු ඩොලර් බිලියන 5.9 ක් වන බවත් එයින් එකවර ගෙවීමට තිබෙන විශාලතම මුදලක් අද (14) දින ගෙවා දැමුණු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙකු පැවසීය.

ඔහු සඳහන් කළ ආකාරයට අද දිනට කල්පීරුනු ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුවක් වෙනුවෙන් වූ ඇමරිකානු ඩොලර් මිලියන 1000 ක මුදලක් එසේ ගෙවා ඇති අතර එය 2014 වසරේ රාජපක්ෂ රෙජීමය පාලන සමයේදී නිකුත් කරනු ලැබුවකි.

එසේම තවත් ඇමරිකන් ඩොලර් මිලියන 500 ක ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුවක් එළඹෙන අප්‍රේල් මාසයේදී කල්පිරින අතර ඒ ගෙවීම සඳහාද රජය සූදානම් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න