ජනාධිපති අපේක්ෂකයා හරියට තෝරන්න - පොහොට්ටු තරුණයන් මහින්දට දන්වයි !

ජනාධිපති අපේක්ෂකයා හරියට තෝරන්න - පොහොට්ටු තරුණයන් මහින්දට දන්වයි !

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා සම්බන්ධයෙන් වැරදි තීන්දුවක් මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නොගනු ඇතැයි තමන් විශ්වාස කරන බව පොදුජන තරුණ පෙරමුණ පවසයි.

පොදුජන තරුණ පෙරමුණ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම අදහස් දැක්වුණු අතර ඊට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සඳහන් කර සිටියේ යම් හෙයකින් මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති අපේක්‍ෂකයා සම්බන්ධයෙන් වැරදි තීන්දුවක් ගතහොත් එම තීන්දුව සමග එකග නොවන බවය.

කෙසේ වුවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ එළඹෙන ජනාධිපතිවරණය සඳහා ජනාධිපති සිරිසේනට අපේක්ෂකත්වය ලබාදීමට මහින්ද රාජපක්ෂ පොරොන්දුවක් ලබාදී ඇති බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න