අලුත් පාර්ලිමේන්තුවේ පරණ වැඩක් : කැටිපේගෙන් දිලිත්ට ලිපියක්

අලුත් පාර්ලිමේන්තුවේ පරණ වැඩක් : කැටිපේගෙන් දිලිත්ට ලිපියක්

දෙරණ නාලිකාවේ පසුගිය 16 වනදා විකාශය වූ අලුත් පාර්ලිමේන්තුව` වැඩසටහනේදී, චාපා බණ්ඩාර ඇද බෑ පල්හෑලි හෙළිකර, ඇත්ත කියන්නට ඉඩ දෙන ලෙස ඉල්ලා එම නාලිකාවේ සභාපති දිලිත් ජයවීර වෙත ලිපියක් යොමුකිරීමට මාධ්‍යවේදී විමල් කැටිපෙආරච්චි කටයුතු කර ඇත.

චාපා බණ්ඩාර විසින් අදාළ වැඩසටහනේදී අවස්ථා ගණනකදී විමල්ගේ මෙන්ම තවත් පුද්ගලයන් කිහිපදෙනෙකුගේම නම් සඳහන් කරමින් අපහාසාත්මක ප්‍රකාශ කිහිපයක්ම සිදුකල අතර ඒ "ජඩ මාධ්‍යට" එරෙහිව කළු පටි වලින් කට බැඳගත් නිහඬ විරෝධතාවය සම්බන්ධව අදහස් දක්වමින්ය.

අදාළ වැඩසටහනේ මාතෘකාවට පදනම් වූයේද ඉහත විරෝධතාව වුවත් එම විරෝධතාවට දායකවූ කිසිවෙකු එම වැඩසටහනට එක්කර ගන්නටද දෙරණ නාලිකාව කටයුතු කර තිබුණේ නැත.

එවැනි පසුබිමක එම විරෝධතාවය ට සහභාගී වූ පුද්ගලයන්ගේ නම් කියමින් විවේචනය කරන්නට ඉඩදී තිබූ අතර ඒ සඳහා වැඩසටහන මෙහෙයවූ සංඛ අමරජිත් කටයුතු කළේ "පුද්ගල නම් කියනවා නම් ඔබ එහි වගකීම ගන්න" යැයි චාපා බණ්ඩාරට කියමින්ය.

පහත දැක්වෙන්නේ මාධ්‍යවේදී විමල් කැටිපෙආරච්චි විසින් දෙරණ සභාපතිවරයාට යොමුකළ ලිපියක්.

 විමල් කැටිපෙආරච්චි 

140 / 31 S
ටෙම්ප්ලර්ස් පාර
කලාපුර
අත්තිඩිය
ගල්කිස්ස

දිලිත් ජයවීර මහතා
සභාපති
දෙරණ මැක්‍රෝ එන්ටටේන්මන්ට් පුද්ගලික සමාගම
අංක 320
ටී බී ජයා මාවත
කොළඹ 10

සාවද්‍ය ප්‍රකාශයක් නිවැරදි කරනු පිණිස
_____________________________
මහත්මයාණෙනි,

2019 ජනවාරි 16 වැනි දා, දෙරණ TV නාලිකාව විසින් ප්‍රචාරය කරන ලද `අලුත් පාර්ලිමේන්තුව` වැඩසටහනේදී, කුමාර චාපා බණ්ඩාර මහතා, විමල් කැටිපෙආරච්චි වන මාගේ නම සඳහන් කරමින් සාවද්‍ය මතයක් සමාජගත කරන්නට උත්සාහ දැරීය. එම උත්සාහය, මාගේ සමාජ දේශපාලන මතවාදය මෙන් ම, මා ද සහභාගී වූ, `ජනමාධ්‍ය සම්බන්ධ විරෝධය`හි දේශපාලන අදහස විකෘති කිරීමකි. එසේ හෙයින්, ඊට ප්‍රතිචාර වශයෙන් වන මාගේ අදහස, ඔබගේ රූපවාහිනී නාලිකාව හරහා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ස්තූතියි.

(අත්සන)
විමල් කැටිපෙආරච්චි
2019.01.17

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න