Image

1971 කැරැල්ලෙන් වෙඩි වැදුණ නොබැඳි පිළිවෙත

1971 කැරැල්ලෙන් වෙඩි වැදුණ නොබැඳි පිළිවෙත

මාලිමා මන්ත්‍රීවරියක් පසුගියදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය නිර්මාණය කිරීමට අප සමත් වු බවයි. 1971 කැරැල්ල සිදුවූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ගේ නායකත්වයෙන් 1970 දී බිහිවු රජය සන්නද්ධ ප්‍රහාරයකින් බිඳ දමා සමාජවාදී රාජ්‍යයක් බිහිකිරීමේ අරමුණින් ය. කෙසේ වෙතත් 1971 සිදුකළ එම පහර දීම තම පක්ෂයට සිදුවූ 'වැරදීමක්' බව අමාත්‍ය ලාල්කාන්ත  මෑතක දී ප්‍රකාශ කළේ ය.

එකතු කළ තුවක්කු පත්තු කළ යුතු ම ය

නමුත් තත්වය එතරම් සරල නැත. 1969 දශකය අවසාන කාලයේ දී ආයුධ එක්රැස් කරමින් පක්ෂය සන්නද්ධ කිරීම ජවිපෙ විසින් සාධාරණය කළේ ඩඩ්ලිWhatsApp Image 2026 04 05 at 9.07.07 AM සේනානායක මහතා මැතිවරණ නොපවත්වා ඒකාධිපතියකු වනු ඇති බවත්, එම ඒකාධිපතිවාදයට එරෙහිව සන්නද්ධව සටන් කිරීමට සිදුවනු ඇති බවත් පැවසීමෙනි. නමුත් ඩඩ්ලි සේනානායක මහතා මැතිවරණය පවත්වා සාමකාමී ලෙස බලය මාරුවීමකට ඉඩදී ප්‍රජාන්ත්‍රවාදියකු ලෙස විශ්‍රාම ගියේ ය. නමුත් එකතු කළ තුවක්කු පත්තු කළ යුුතු විය. ඇන්ටන් චෙකොෆ්ගේ කෙටිකතා ඇසුරින් කෙටිකතාවක ලක්ෂණ පැහැදිලි කරන විට කියන්නේ කෙටිකතාවක තුවක්කුවක් විස්තර කරන්නේ නම් එය පත්තුවීම ද සිදුවිය යුතු බවය.

1960 දශකයේ ජවිපෙ බිහිවුයේ ආර්ථික හා කුල පීඩනය යන දෙයාකර පීඩනයට ලක් වූ ගැමි සිංහල බෞද්ධ තරුණයන් ගෙන් සමන්විත වාමාංශික දේශපාලන පක්ෂයක් වශයෙනි. එහි දර්ශනය වුයේ ධනපති ක්‍රමයට එරෙහිව සමාජවාදී විප්ලවය අනිවාර්ය බවත්, නමුත් ධනපති පංතිය ස්ව කැමැත්තෙන් බලය අත් නොහරින බවත්, ඒ නිසා එය සන්නද්ධව පෙරළා දැමිය යුතු බවත් ය. එකල ජවිපෙට අනුව සමගි පෙරමුණු රජය ද, ''සාරි පොටේ එල්ලුණ වම්මුන් ද සහිත වු ධනේෂ්වර රජයකි". ඉහත තර්කය සමගි පෙරමුණට එරෙහිව ද අදාළ විය.

නොබැඳි රාජ්‍යයක සිට අයැදින රාජ්‍යයක් (Supplicant state) දක්වා

WhatsApp Image 2026 04 05 at 9.07.08 AMකැරැල්ල නිසා අස්ථාවර වන්නට ගිය ශ්‍රී ලංකා රාජ්‍ය රැකගැනීම සඳහා සිරිමා බණ්ඩාරනායක මැතිනියට තමා අනුගමනය කළ නොබැඳි පිළිවෙත පසෙක දමා ලෝකයේ සියලු බල කඳවුරුවලින් ආධාර ඉල්ලන්නට සිදුවිය. එම ආධාර ලැබිණි. එහෙත්, 1971කැරැල්ලෙන් ලොකුම වෙඩි උණ්ඩයක් වැදුණේ ඇයගේ නොබැඳි ප්‍රතිපත්තියට ය. ආධාර ඉල්ලු හැම රටක් ම පාහේ එදා අධාර කළ ද සිරිමාවෝ මැතිණිය අමෙරිකාව ආදී රටවල සහ ඒවායේ ක්‍රියාත්මක වු ජනමාධ්‍යවල උපහාසයට හා නිග්‍රහයට ලක්වූවා ය.

1971 වන විට ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පදනම් වුයේ අධිරාජ්‍ය විරෝධය, බලකඳවුරුවලට එකතු නොවීම සදාචාරාත්මක මුලධර්ම මතය. 1971 කැරැල්ලත් සමග එම සදාචාරාත්මක ස්ථාවරය පසෙක ලා තම පැවැත්ම සඳහා ඕනෑම බලවතකු ගේ පිහිට පැතීමට රජයට සිදුවිය. මහාචාර්ය ෂෙල්ටන් කොඩිකාර පෙන්වා දෙන පරිදි මෙය ශ්‍රී ලංකාව නොබැඳි රාජ්‍යයක සිට අයැදින රාජ්‍යයක් (Supplicant state) දක්වා පරිවර්තනය වු අවස්ථාවක් ලෙසිනි.

දෘෂ්ටිවාදී මිතුරන් පාවා දීම

WhatsApp Image 2026 04 05 at 9.07.09 AMමේ තත්ත්වය ගැන 1971 අප්‍රේල New York Times පුවත් පත පැවසුවේ "තමන්ගේ ම තරුණයින් මර්දනය කිරීමට ලංකාවේ සමාජවාදී රජය අමෙරිකානු ධනවාදීන් ගෙන් සහ සෝව්යට් කොමියුනිස්ට්වාදීන් ගෙන් එකවර අවි ආයුධ ඉල්ලීම දේශපාලන උත්ප්‍රාසයක්" වශයෙනි.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව කොළඹින් යවනු ලැබු තානාපති කාර්යාල වාර්තාවල සඳහන් වුයේ "බණ්ඩාරනායක මැතිණිය ඇගේ දෘෂ්ටිවාදී මිතුරන් පාවා දුන්නේ අමෙරිකානු හෙලිකොප්ටර් අමතර කොටස් වෙනුවෙන් ( sovereignty trade for spare parts)'' වශයෙනි.

නොබැඳි පිළිවෙත යනු බලවතුන්ගෙන් ස්වාධීන වීම යැයි කීවද තීරණාත්මක මෙහොතකදී එම බලවතුන් ගේ ම අවි ආයුධ මත යැපීමට සිදුවීම ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ඇති නොගැඹුරු බව (shallowness) යැයි තවත් විග්‍රහයක සඳහන් විය.

අපහාස පරිහාස මධ්‍යයේ පැවති නොබැඳි සමුළුව

The Economist සගරාව මෙසේ සඳහන් කර තිබුණි.

" ලංකාවේ කැරැල්ල අමුතු ආකාරයේ ජාත්‍යන්තර සන්ධානයක් නිර්මාණය කර ඇත. නොබැඳි පිළිවෙතේ ප්‍රධාන පූජකවරිය වන බණ්ඩාරනායක මැතිණියව බලයේ තබාගෙන සිටින්නේ බ්‍රිතාන්‍ය රයිපල්, සෝවියට් මිග් යානා, ඉන්දීය හෙලිකොප්ටර් සහ ඇමෙරිකානු සැපයුම් ආධාරවල අමුතු මිශ්‍රණයකිනි."

1971 කැරැල්ලෙන් පසු බණ්ඩාරනායක මැතිණිය නොබැඳි සමුළුව ලංකාවේ පැවැත්වූවේ මේ සියලු ජාත්‍යන්තර අපහාස පරිහාස මධ්‍යයේ ය.

WhatsApp Image 2026 04 05 at 9.07.06 AM

karu

 

 

 

 

කරු පරණවිතාන

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න