බුලත් කොළේ කෑලි ගැළවෙයි : පොහොට්ටුවේ එල්ලෙයි !

බුලත් කොළේ කෑලි ගැළවෙයි : පොහොට්ටුවේ එල්ලෙයි !

එක්සත් ජනතා නිදහස් සන්ධානයට කොහෙත්ම සම්බන්ධයක් නොමැති සුළු පක්ෂ නායකයන්ට ආණ්ඩුකාර ධුර ලබාදීම සහ පසුගියදා පැවති ශ්‍රීලනිප විධායක රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් සන්ධාන පක්ෂ දැඩි ලෙස විවේචනය කිරීම හේතුකොට ගෙන ඒ වටා එක්ව සිටි සුළු පක්ෂ සියල්ල ඉන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ලෙස මෙම පක්ෂ යළිත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහයෝගය ලබා නොදීමට තීරණය කර ඇති අතර ඒ බව මේ වන විටත් ලිඛිතව මෙන්ම වාචිකව දැනුම්දී ඇත.

එසේම මෙම පක්ෂ සියල්ල මහින්ද රාජපක්ෂ පාර්ශවයට එක්වීමට තීරණය කර ඇති බවත් වාර්තා වෙයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය පුළුල් කර සක්‍රීය කරන ලෙසට යෝජනා කිහිප වතාවක් දැනුම්දී ඇතත් ඒ සම්බන්ධව ජනාධිපති සිරිසේන කිසිඳු සැළකිල්ලක් නොදැක්වීම මෙන්ම තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ දේශපාලනය කිරීමෙන් තම පක්ෂ වලට ඉදිරි ගමනක් නොමැති බව සුළු පක්ෂ නායකයන්ගේ අදහස බවද දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න