අද (07) දිනයේ දී දුම්රිය භාවිතා නොකරන ලෙස ඊශ්‍රායල ආරක්ෂක බලකාය ඉරාන වැසියන්ට අනතුරු අඟවා තිබේ.
“ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඉරාන වේලාවෙන් රාත්‍රී 21:00 වන තෙක් දුම්රිය භාවිතා කිරීමෙන් වැළකී සිටින්න… දුම්රිය තුළ හෝ දුම්රිය මාර්ග අසල රැඳී සිටීම ඔබේ ජීවිතයට අනතුරක් විය හැකියි” ලෙස එහි සඳහන්වේ.
අද (07) රාත්‍රී 20:00 වන විට හොමූස් සමුද්‍ර සන්ධිය හරහා නිදහස් ගමනාගමනයට ඉඩ දීමට ඉරාන පාලනය අපොහොසත් වුවහොත්, එරට සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇති පසුබිමක මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.
මේ අතර, ගතවූ රාත්‍රිය තුළ ටෙහෙරානයේ පිහිටි ඉරාන පාලනයට සම්බන්ධ යටිතල පහසුකම් ඉලක්ක කර ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළ බවත්, හිස්බුල්ලා සාමාජිකයින් යැයි සැක කෙරෙන පිරිසක් එහිදී මියගිය බවත් ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
