උදයංගගේ ගම්පහ ගිණුම ගැන FCID විමර්ශනයක් !    

උදයංගගේ ගම්පහ ගිණුම ගැන FCID විමර්ශනයක් !    
රුසියානු හිටපු තානාපති උදයංග වීරතුංගගේ ඥාතියකුගේ (මස්සිනා) ගම්පහ ප්‍රධාන බැංකුවක පවත්වාගෙන ගිය ගිණුමකට මුදල් ලැබුණු ආකාරය පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමේ සූදානමක් සම්බන්ධව තොරතුරු වාර්තා වෙයි.
 
රාජපක්ෂ රෙජීම පාලන සමයේ සිදුවූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිල දී ගැනීමේ අයථා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලදී හෙළි වූ පරිදි එම ගිණුමට මිග් ගනුදෙනුවට අදාළ විදේශීය සමාගම් කීපයකින්ම ඩොලර් මිලියන ගණනක මුදලක් ලැබී ඇත. එසේම එම මුදල් නැවතත් විදේශයකට ප්‍රේෂණය වී තිබෙන බවත් මේ අයථා ගනුදෙනුවට අදාළ විදේශීය රාජ්‍යයන් 15ක්ද පරීක්ෂණයක් අරඹා ඇති බවත් අනාවරණය වේ.
 
මිග් යානා ගනුදෙනුවට සම්බන්ධ වූ සමාගම් මඟින් හිටපු රුසියානු තානාපතිවරයා සහ ඔහුගේ ඥාතීන්ගේ  ගිණුම් රැසකටම විශාල මුදල් ප්‍රමාණයක් අයථා ලෙස ලැබී ඇත. 
 
මේ වන විට අධිකරණය මඟහැර සිටින උදයංග වීරතුංග විදෙස් ගතව සිටින අතර විටින් විට සිය ෆේස් බුක් ගිණුම හරහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වමින් සටහන් තබයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න