ජාතික ආරක්ෂාවට තර්ජනය වන ඇමරිකානු ගිවිසුම : දයාසිරිගේ ප්‍රකාශයෙන් සිරිසේනත් අමාරුවේ !

ජාතික ආරක්ෂාවට තර්ජනය වන ඇමරිකානු ගිවිසුම : දයාසිරිගේ ප්‍රකාශයෙන් සිරිසේනත් අමාරුවේ !
ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට බරපතල අයුරින් තර්ජන එල්ල විය හැකි ගිවිසුමක් ඇමරිකා එක්සත් ජනපදය සමඟ අත්සන් කිරීමට ආණ්ඩුව සූදානම් වන බව සඳහන් කරමින් පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර සිදුකල ප්‍රකාශය සම්බන්ධව විදෙස් තානාපති අංශවල දැඩි අවධානයක් යොමුව ඇති බව වාර්තා වෙයි.
 
අදාළ ගිවිසුම යටතේ අධිබලැති සන්නිවේදන උපකරණ, යුද උපකරණ, යුද නැව්, ඇමරිකානු හමුදා මෙරටට පැමිණ ස්ථානගතවීමක් සිදුකිරීමට පවා සූදානමක් ඇති බවත් එහිදී ගෙන්වන උපකරණ රේගු බදු මෙන්ම රේගු පරීක්ෂණ වලින්ද නිදහස් බවත් එසේම සිදුවන හානියකදී වන්දි ලබාගැනීමේ කොන්දේසියක් නොමැති බවට එම මාධ්‍ය හමුවේදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.
 
මේ සම්බන්ධවද තානාපති අංශ අවධානය යොමුකර ඇති අතර විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරන්නේ මේ චෝදනාව සම්බන්ධව ඇමරිකා එක්සත් ජනපදය කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සඳහා මේ වන විටත් සූදානම් වෙමින් සිටින බවය.
 
මෙම ගිවිසුම සම්බන්ධව පසුගිය වසරේ අගෝස්තු මාසයේ ඇමරිකානු නියෝජිතයන් සමඟ සාකච්ඡා කර ඇති බවත් අදාළ ගිවිසුමේ මෙරට මූලික නීතියට පවා පටහැනි කොන්දේසි ඇති බැවින් එය පාර්ලිමේන්තුවට හෝ ඉදිරිපත් නොකර හොර රහසින් අත්සන් කිරීමේ සූදානමක් ඇති බවද මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසා තිබුණි.
 
සිරිසේනගේ ඇමරිකානු විරෝධය !
 
මේ සම්බන්ධව ප්‍රතිචාර දක්වන ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ විද්වත් මතය වන්නේ මන්ත්‍රීවරයාගේ මේ ප්‍රකාශය ජනාධිපතිවරයාගේ නොනිල අදහස බවට පණිවිඩයක් නිකුත් වන බවත් එය ජනාධිපති සිරිසේනට රාජතාන්ත්‍රික ලෙස බරපතල හානිදායක වනු ඇති බවය. ඒ සම්බන්ධව අදහස් දක්වන ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ විද්වතුන් මෙසේද සඳහන්කර සිටියි.
 
දයාසිරි ජයසේකර කියන්නේ රාජ්‍ය නායකයා වන ජනාධිපති සිරිසේනගේ පක්ෂයේ මහ ලේකම්. අග්‍රාමාත්‍ය වරයා ප්‍රමුඛ ඇමතිමණ්ඩලය එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කලත් ආරක්ෂක අමාත්‍ය ධුරය දරන්නේ සිරිසේන ජනාධිපති. ඒ නිසා ජාතික ආරක්ෂාව සම්බන්ධව තීන්දු තීරණ ගන්න අයිතිය ජනාධිපතිට තියනවා. මේ වගේ ප්‍රකාශ තමන්ගේ පක්ෂයේ මහ ලේකම් ලවා කියවන්නේ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව රට තුළ අපකීර්තියට පත්කරන්න නම් ඊට වඩා මුග්ධ ක්‍රියාවක් තවත් නැහැ. 
 
කතාව දයාසිරිගේ වුණත් සිරිසේනට උත්තර දෙන්න සිදුවෙයි !
 
මේ මිනිස්සු වැඩ කරන්නේ බල තණ්හාවෙන් සිහිය විකල් කරගෙන වගේ. ජනාධිපතිගේ විෂයට වෙන කවුරුත් බලෙන් ගිවිසුම් අත්සන් කරන්නේ කොහොමද? මේ කියන්නේ ගිවිසුම ඉංග්‍රීසියෙන් අත්සන් කරන නිසා ජනාධිපති සිරිසේනට තේරෙන්නේ නෑ වගේ කතාවක්ද? මොකක්ද මේ ප්‍රකාශයේ තේරුම. ඔය අමනෝඥ ප්‍රකාශ නිසා අමාරුවේ වැටෙන්නේ අර අසරණ සිරිසේන ජනාධිපති. ඔහු රාජ්‍ය නායකයා සහ ආරක්ෂක විෂය භාර අමාත්‍යවරයා ලෙස සිටිමින් හැංගිලා ඇමරිකානු විරෝධයක් තම පක්ෂය හරහා ගොඩනගන බවයි මේ හරහා තේරුම් යන්නේ. සමහර විට ඔහුට මේ ගැන උත්තර බඳින්න සිදුවෙයි.
 
මේ මිනිස්සු තමන් අපකීර්තියට පත්වෙනවා මදිවට මුළු රටත් අපකීර්තියට පත්කරනවා. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න