මිල වැඩිවීමක් ලබානොදීම නිසා : සමාගම් කිරිපිටි හිඟයක් ඇති කරයි !

මිල වැඩිවීමක් ලබානොදීම නිසා : සමාගම් කිරිපිටි හිඟයක් ඇති කරයි !

කිරි පිටි කිලෝ එකක් සඳහා රුපියල් 100.00 ක මිල ඉහල දැමීමක් සිදුකිරීමට රජය අවසර නොදීමට එරෙහිව මෙරටට කිරි පිටි ආනයනය කරන ප්‍රධාන පෙලේ සමාගම් කිහිපයක් වෙළඳපොල හිඟයක් ඇති කිරීමේ සැළසුමක් දියත් කර ඇති බව වාර්තා වෙයි.

ඒ දැනට වරායේ ගොඩබා තිබෙන කිරි පිටි තොග නිදහස් කර නොගැනීමට කටයුතු කරමින්ය.

රුපියල් 100ක මිල ඉහළ දැමීමක් සඳහා පාරිභෝගික අධිකාරිය අවසර නොදුනහොත් එළඹෙන සතියේ සිට කිරිපිටි ආනයනයද අත්හිටුවීමට මෙම සමාගම් සූදානමින් සිටින බවත් වාර්තා වෙයි.

ඒ අනුව පෙබරවාරි මාසය වන විට වෙළඳපොළේ කිරි පිටි හිඟයක් ඇති විය හැකි බවටද මේ වන විට අදාළ සමාගම් ප්‍රචාරය කරමින් සිටින අතර මිල වැඩි කිරීමක් ලබාදීමට නොහැකි නම් ආනයනික කිරිපිටි සඳහා වන 15%ක බදු මුදල ඉවත්කරන ලෙසද මෙම සමාගම් කොන්දිසි පනවමින් සිටින බවත් වාර්තා වෙයි.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න