2019 අයවැය සඳහා යෝජනා පෙබරවාරි 11ට කලින් එවන්න !

2019 අයවැය සඳහා යෝජනා පෙබරවාරි 11ට කලින් එවන්න !

ශක්තිමත් ආර්ථිකයක් සහ සාරවත් දේශයක් යන තේමාව යටතේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් 2019 වසර සඳහා වූ අයවැය යෝජනාවලිය මාර්තු මස 05 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

එය වඩා ජනතාවාදී අයවැයක් බවට පත් කිරීමේ අපේක්ෂාවෙන් ඒ සඳහා ඇතුළත් කළ යුතු යෝජනා ඇත් නම් පෙබරවාරි මස 11 වැනි දින හෝ එදිනට පෙර ඉදිරිපත් කරන ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සියලු පාර්ශ්වකරුවන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ සංවර්ධනය යන තේමාවන් යටතේ ජනතා අභිලාෂයන් ඉටු කිරීම සඳහා රජයේ ප්‍රතිපත්ති සකස් කිරීමට වෘත්තිකයන්, විද්වතුන් මෙන් ම ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවන් වන කෘෂිකාර්මික, කාර්මික හා සේවා අංශවල නිරත වෘත්තිකයන්ගේ විශේෂ දායකත්වයක් ද මේ සඳහා මුදල් අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

මෙවර කාර්ය සාධනය පදනම් කරමින් ඉදිරිපත් කරනු ලබන අයවැය යටතේ රජයේ ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන් කරනු ලබනුයේ ඒ සඳහා අදාළ අංශ වෙතින් ඉදිරිපත් කරනු ලබන ක්‍රියාකාරී සැලැස්මට අනුව වීම විශේෂත්වයක් වේ.

අයවැය - 2019 සඳහා වන තම යෝජනා;

අධ්‍යක්ෂ ජනරාල්,

වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව,

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය,

මහ ලේකම් කාර්යාලය, කොළඹ - 01 යන ලිපිනයට හෝ,

This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් තැපෑලට පෙබරවාරි මස 11 වැනි දින හෝ එදිනට පෙර යොමු කළ යුතු ය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න