Image

මාලිනී ෆොන්සේකාට පාඩුවෙ ඉන්න දෙන්න

මාලිනී ෆොන්සේකාට පාඩුවෙ ඉන්න දෙන්න

මිය ගිය කලාකරුවන් ගැන චිත්‍රපට හදන එක දැන් රැල්ලක් වගේ. ලංකාවෙ ඒ වගේ Bio pic හදන්නේ ඒ විෂය පිළිබද අදහසකින් නෙමේ.

ලෝක සිනමාවෙ Bio pic එක්ක සසඳනවා නෙමේ. අඩුගානෙ ඒ ෆිල්ම්ස් අධ්‍යනය කරලවත් තියෙන්න ඕනෙ.

ක්ලැරන්ස්, මිල්ටන්, ලතා වල්පොළ ගැන චිත්‍රපට හැදුණා; හැදෙමින් පවතිනවා. ඒ චිත්‍රපට කොයිතරම් නිර්මාණශීලී ද, ඒ කලාකරුවා ගේ ජීවිතය පිළිබද සත්‍ය නිර්මාණශීලී ව ගොඩ නගනව ද?

දැන් මාලිනී ෆොන්සේකා ගැන චිත්‍රපටයක් කරන්න යනවලු. ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවකුත් තිබුණ බව සමාජ මාධ්‍ය තුළින් දැක්කා. ඒ පිරිස අතරScreenshot මාලිනී ගෙ පවුලේ කිසිවකුත් හිටියෙ නැහැ. කොහොම උනත් මාලිනී ෆොන්සේකා කියන්නේ ලංකාවෙ බොහෝ දෙනෙක් ආදරේ කළ රංගන වේදිනියක්. ඇය ගේ නික්මයාමෙන් පසු ඇය පිළිබද මතකය මිනිස් සිත් තුළ තවමත් උණුසුම්ව මතකයේ තිබෙනවා.

මේ, ඇය පිළිබද චිත්‍රපටයක් කරන්නට අවස්ථාව හෝ කාලය නොවේ. මාලිනී ගැන චිත්‍රපටයක් කිරීමට පෙර ඇය වෙනුවෙන් කළයුතු දේ තිබෙනවා යන්න බොහෝ දෙනෙකු ගේ අදහස යි. ජයන්ත ධර්මදාස මහතා ගේ මැදිහත්වීමක් මෙහි තිබෙන බව එම රැස්වීම පිළිබද මාධ්‍ය වාර්තා කොට තිබුණා. මාලිනී ෆොන්සේකා ගේ ගෞරවය ආරක්ෂා කළ යුතු ය.

ඇය පිළිබද චිත්‍රපටයක් අනවශ්‍යයයි. මක් නිසා ද යත් ඇය තවමත් රසික සිත් තුළ ජීවමාන ව සිටින බැවිනි. මාලිනී ගේ චරිතය රගපාන්නට කිසිවෙකු නැත. මාලිනී රඟපෑ චිත්‍රපට තවමත් රසිකයින් නරඹමින් සිටී. ඇය පිළිබද චිත්‍රපට සාදා ඇය ගේ වටිනාකම් විනාශ නොකළ යුතු ව ඇත. මාලීනී යනු කිසිවෙකු ගේ පෞද්ගලික බූදලයක් නොව, ඇය ජාතික වස්තුවකි. එහෙයින් ඇය ගේ නම, ඇය ගේ ජීවිතය පිළිබද ඉතිරිය ආරක්ෂා කළ යුතු ය.

ජීවත්වන කලාකරුවන්ට ඉදිරියේදී අවධානය යොමු කළයුතු කාරණයක් ඇත.

ඔබ මිය යන්නට පෙර අන්තිම කැමති පත්‍රයේ මරණින් මතු ජීවිත කතාව සිනමාවට ගෙන ඒම පිළිබද ඔබේ අදහස කැමැත්ත අකමැත්ත ලියා තබන්න. කැමතිනම් අවසර ගත යුත්තේ කාගෙන්දැයි ලියා තබන්න.

මනෝහාරී හේවාවසම්

 

 

 

මනෝහාරී හේවාවසම්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න