ඉදිරි වසර සඳහා එජාප නායකත්වය මෙන්න !

ඉදිරි වසර සඳහා එජාප නායකත්වය මෙන්න !

ඉදිරි වසර සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ තවදුරටත් කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ අනිකුත් තනතුරුද ඉදිරි වසරක කාලයක් සඳහා ක්‍රියාත්මක වෙයි. එක්සත් ජාතික පක්ෂයේ ඊයේ (25) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව ඉදිරි වසර සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මෙසේය.

නියෝජ්‍ය නායක - සජිත් ප්‍රේමදාස

උපනායක - රවී කරුණානායක

සභාපති - කබීර් හෂීම්

මහ ලේකම් - අකිල විරාජ් කාරියවසම්

ජාතික සංවිධානයක - නවින් දිසානායක

වෘත්තීය කටයුතු ලේකම් - රංගෙ බණ්ඩාර

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න