ශ්‍රීලන්කන් දූෂණ ගැන විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවට !

ශ්‍රීලන්කන් දූෂණ ගැන විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවට !

2013 වසරේ ගුවන්යානා 08 ක් ලබාගැනීමට එවකට කොන්ත්‍රාත් අත්සන් කර ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් තොරව බව වාර්තා වෙයි.

කෝප් කමිටුව ඊයේ (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළමු වාර්තාවේ මේ පිළිබඳ සඳහන්ව ඇත.

වත්මන් රජය මගින් ශ්‍රී ලන්කන් ආයතනය විසින් එම කොන්ත්‍රාත් අත්හිටුවීම සඳහා රුපියල් මිලියන 16924.36 ක් කැබිනට් අනුමැතිය ලැබීමට පෙර ගෙවා ඇති බවද අනාවරණය වී ඇත. එමෙන්ම ශ්‍රී ලංකන් ආයතනය නිලධාරීන් 190 කට රුපියල් මිලියනය බැගින් මාසික වැටුපක් ලබාගෙන ඇති බවද මෙම වාර්තාව මගින් අනාවරණය කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2014 වර්ෂයේ මිලියන 32 357 ක් , 2015 වර්ෂයේ මිලියන 16 000 ක් 2016 වර්ෂයේ මිලියන 12 000 ක් 2017 මාස 09 තුළ මිලියන 40 000 ක් පාඩු ලබා ඇති බව මෙම වාර්තාව මගින් අනාවරණය කර තිබේ .

කොප් කමිටුව ( පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව) මගින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පිළිබඳ විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවත් එහි සඳහන්ව ඇත.

එසේම ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පිළිබඳව විගණකාධිපතිවරයා කළ වාර්තාවක්ද කෝප් කමිටුවට ලැබී ඇති බවත් එම වාර්තාවත් විශේෂ වාර්තාව සමග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරෝත්තුවන බව එම වාර්තාවේ දැක්වේ.

රජයේ ව්‍යාපාරයක් සම්බන්ධයෙන් කෝප් කමිටුව මගින් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරන දෙවන අවස්ථාව මෙය වන අතර එම කමිටුව මගින් 2015 බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් 2017 වර්ෂයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න