ජනාධිපති අපේක්ෂකත්වයට සූදානම් වෙන්න : මහින්ද ගෝඨාභයට දන්වලා !

ජනාධිපති අපේක්ෂකත්වයට සූදානම් වෙන්න : මහින්ද ගෝඨාභයට දන්වලා !

ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය සදහා සූදානම් වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ තමන්ට දැනුම් දුන් බව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.

සති අන්ත පුවත්පතකට ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

ජනතාව සූදානම් නම් තමන් සූදානම් යයි ප‍්‍රකාශ කරන ලද්දේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා සූදානම් වන ලෙස මහින්ද මහතා සිදුකල දැනුම්දීම අනුව බවත් ඇමරිකානු පුරවැසිභාවය සම්බන්ධයෙන් වූ ගැටළුකාරී තත්වයද මේ වන විට බොහෝ දුරට අවසන් වී තිබෙන බවද ඔහු පවසයි.

වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නැවත ජනාධිපතිවරණයකට තරග වදින්නේ නැතැයි මුලින් පවසා ඇති නිසා සිරිසේන ජනාධිපතිගේ අපේක්ෂකත්වය ගැන ගැටළුවක් පැනනගින්නේ නැති බවද ඔහු විශ්වාසය පළකරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න