සිරිසේනව ඉවත්කළේ නැත්නම් ශ්‍රීලනිපයට ඉදිරියක් නෑ - වෙල්ගම අවධාරණය කරයි !

සිරිසේනව ඉවත්කළේ නැත්නම් ශ්‍රීලනිපයට ඉදිරියක් නෑ - වෙල්ගම අවධාරණය කරයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව නායකත්වයක් අවශ්‍ය බවත් නව නායකත්වයක් නොමැතිව ශ්‍රීලංකා නිදහස් පක්ෂයට ඉදිරි ගමනක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළ අතර බණ්ඩාරනායක මහතා ගොඩනැගූ පක්ෂය සිරිමාවෝ බණ්ඩාරනායක ආරක්ෂා කරගෙන පැමිණි බවත් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙන්ම මහින්ද රාජපක්ෂ රැකගෙන ඉදිරියට ගෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ආරක්ෂා කිරීමට හෝ ඉදිරියට ගෙන යාමට වත්මන් නායකයා අසමත් බවද පැවසීය.

මේ සම්බන්ධව සත්‍ය කතා කරන විට තමන් එක්සත් ජාතික පක්ෂයට සහය දෙන බවට අවලාද නගන බවත් නමුත් වසර 36ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතු කල තමන් මියයන තුරු පක්ෂය වෙනස් නොකරන බවද මන්ත්‍රීවරයා පැවසීය.

කෙසේ වුවත් තමන් කතා කරන්නේ ඇත්ත තත්ත්වය බවත් ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉදිරියක් දකින්න නම් වත්මන් නායකත්වය වෙනස් කිරීම අනිවාර්ය බවද ඔහු සඳහන් කර සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න