ශ්‍රී ලංකා -සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් සංශෝධන කිහිපයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවට ජනාධිපති සිරිසේන සිදුකර ඇති ප්‍රකාශය රටේ කීර්ති නාමයට කැළලක් බවත් ජනාධිපතිවරයා දුරදිග නොබලා සිදුකරන මෙවැනි ප්‍රකාශ හමුවේ රට ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ තවදුරටත් හෑල්ලුවීමට වඩා වැඩි දෙයක් නොවන බව ජාත්‍යන්තර දේශපාලනය සම්බන්ධ විද්වත් මතය වී තිබේ.
සිංගප්පූරු අගමැති ලී සියැන් ලූන්ග් සමඟ ඊයේ (25) පැවති හමුවේදී ජනාධිපති සිරිසේන අදාළ ප්‍රකාශය සිදුකර ඇති අතර ලංකා - සිංගප්පුරු ගිවිසුම් ප්‍රඥප්ති සැකසීමේදී ශ්‍රී ලංකා පාර්ශවයෙන් සිදු වී ඇති අතපසුවීම් කිහිපයක් හේතුවෙන් වෙනස්කම් සිදු කරන බවද පවසා ඇත.
මේ සම්බන්ධව අදහස් දක්වන විද්වත් මතය වී ඇත්තේ ජනාධිපති සිරිසේනගේ ප්‍රකාශය අනුව ඔහු මෙරට රාජ්‍ය නායකයා බව අමතක කර ලංකාව යනු කිසිඳු නිශ්චිත ප්‍රතිපත්තියක් තබා ජාත්‍යන්තර ගිවිසුම් ගතවීමක් සම්බන්ධව මුලික දැනුමක් නොමැති බව පවා ගම්‍ය වන බවය.
එසේම ජනපති සිරිසේන සිංගප්පූරු සංචාරය සඳහාද විපක්ෂ මන්ත්‍රීවරු එක්කරගෙන යමින් සිදුකරන ප්‍රකාශ තුල ඇත්තේ දේශපාලන බෙදීම විදහා දැක්වීම බවත් ඒ ගැන අවබෝධයක් සිංගප්පුරු බලධාරීන්ට නොමැති බව සිතනවා නම් වැරදී ඇත්තේ ජනාධිපති සිරිසේනට සහ ඔහුගේ උපදේශකයන්ට බවද ඔවුන් පෙන්වා දෙයි.
ජනාධිපති සිරිසේන මෙවර සිංගප්පුරු සංචාරය සඳහා විපක්ෂ මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක, දයාසිරි ජයසේකර හා මොහාන් ලාල් ග්‍රේරු යන මන්ත්‍රීවරුන් එක්කරගෙන සිටින අතර ලංකාව සම්බන්ධව ආයෝජකයන් සතු සැකසංකා පවා මේ හේතුවෙන් වර්ධනය වන බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

